
(අමිල ජයවර්ධන සහ චන්ද්‍රසේන ගමගේ)
මිද්දෙණිය නගරයේ මල්ශාලාවක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයකුට අද පෙරවරුවේ නාඳුනන පිරිසක් වෙඩි තබා මරාදමා ඇතැයි මින්දෙණිය පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ඒ.කේ.පී මංජුලසිරි (52) නමැති පුද්ගලයෙකි.
අවමංගල්‍ය කටයුත්තක් බාරදීම සඳහා යැයි පවසා ගෙන්වාගෙන ඔහුගේ මල්ශාලාව ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ඇඹිලිපිටිය රෝහලට රැගෙන යන අතර තුර මියගොස් ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd