
(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම් ප්‍රමාද නොකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
වරායේ නැගෙනහිර පර්යන්තය කිසිසේත්ම පෞද්ගලික අංශයට ලබා නොදෙන බවද ඔහු පැවසුවේය
ඔහු මෙසේ පැවසුවේ කොළඹ වරායේ ඉදිවෙමින් පවතින ඊ.සී.ටී (ECT ) පර්යන්තයේ කටයුතු පෙරේදා(25) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමිනි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හා එහි මෙහෙයුම් කටයුතු සියයට සියයක් වරාය අධිකාරිය සතු පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
සමහර වෘත්තිය සමිති හා පුද්ගලයන් පටු දේශපාලන වාසි අපේක්ෂාවෙන් මෙම පර්යන්තය සම්බන්ධයෙන් කරන වගකීම් විරහිත ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිමෙන්ති නැතුව මැටි වලින්ද හදන්නේ?
කුස්සිය බාරව හිටිය කෙනෙක්... පස්සේ කාලෙක අපාර්ට්මන්ට් එකක් ගත්තලු... ඊට පස්සේ කාර්යාල ගොඩනැගිල්ලක් කුලියට ගන්න ගිහින් ඒකෙනුත් ගැහුවාලු... එහෙම කෙනෙක් ඉන්නවාද මේ අතරේ...? දොඹකරේ උඩ ඉඳලා බලාගෙන හිටිය වරායේ සේවකයෙක් එහෙම ඇහුවාලු...!
වාසියට හෝයියා තමයි...!
අනේ, ඔබලාට කොහෙද මේ වල අයිතිය තියෙන්නේ..? මේවා ඉන්දියානු දේපළ. ඔබලා නොදන්නවා වුණාට අපි දැනටමත් ඉන්දියානු ප්‍රාන්තයක්. අපි ඉන්දියන් කියන්නේ ආඩම්බරයෙන්...!! ඔබලාගේ මහලොකු සිංහල, බෞද්ධ නායකයින් ඔබලාටත් නොදැනෙන්න විකුණුවා ඉන්දියාවට? ගරු, මෝදි ජනාධිපතිතුමනි, අපි ඔබ සමගයි!! ජයවේවා...!!