(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) අද (26) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව රුපියල් 420 කට පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ද, රුපියල් 450 කට පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100 කින් ද, රුපියල් 400 ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටර් එක මිල රුපියල් 60 කින් ද, රුපියල් 445 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ද, මිල ඉහළ දමා තිබේ.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 470 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 550 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 460 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 520 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි සනීපයි සැපයි. ඒක ගන්නත් දවස් ගණන්, කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල සීටීම අන්තිම සැපයි..!.
තවම මම හිතන්නේ ඉතාලියට වැඩිය ලංකාවේ ඉන්ධන මිල අඩුයි... කියලා..!
මිල ඉහළ දාගෙන ඇල්වතුර තමයි විකුණන්න වෙන්නේ... ඉන්ධන නෑනේ...!
හරියට දවල්ට වැඩි වුණා වගේ, නැති තෙල්මිල වැඩිවෙනවා..!
95 පෙට්රල් 650ක් කරන්න. එතකොට දොස්තරලට කරදරයක් නැතුව තෙල් ගහන්න පුළුවන්...
මේ සැරේ ඩොලර් වැඩි වුණෙත් නෑ ලෝක වෙළෙඳපලේ මිලත් අඩුවුණා පොඩ්ඩක්. එහෙම තියෙද්දී මොකටද අද වැඩි කරේ..? දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ... මිනිස්සුත් ගොබ්බයින් වගේ ඉන්නවා... ආනේ ආයේ වැඩි කරානේ කියාගෙන..!
ලංකාවේ තෙල් මිල වැඩි වෙන්නේ ඩොලර් නැති නිසා. මහ බැංකුවට හා මුදල් අමාත්‍යංශයට කිසිම වැඩපිළිවෙළක් නෑ ඩොලර් ගෙන්න ගන්න. පුළුවන් තරම් උත්සාහ කරන්නේ අහිංසක විදේශයන්ගේ ඩොලර් කුණු කොල්ලෙට මිලදී අරගෙන, මේ නාස්තිකාර ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න. ඩොලර් ඒ මිල ඉල්ලුම හා සැපයුම මත තීරණය කරන්න. ලබන ඩොලර් වලින් ඉන්ධන, ගෑස්, ඖෂධ ගෙන්වා ගැනීමට වියදම් කරන්න. මේ ඉන්ධන හිඟයක් පවත්වා ගෙන යන්නේ රටේ තියෙන ඉතිරි සම්පත් එකත් විදේශිකයින්ට විකිණීමටයි. සාපයක් වූ නන්දලාල් ඕස්ට්‍රේලියාවටම යන්න...
කොපමණ මිල ඉහළ දැමුවද ජනතාවට පෝලිමේ ඉඳලා තෙල්ගන්න ශක්තිය තිබෙනවා. නමුත් ආනයනය කරන්න රජයටයි බැරි...!
දැන් නම් හොඳටම සැපයි...!
ඉන්දියන් තෙල්සමාගමත් දුවලා තියෙන්නේ පාඩුවටද?
රුපියලයිනේ මදි වුනේ... ඇයි මෙච්චර වැඩි කල...? මේ අයට පිස්සුද කොහේද?
මේ අය නම් ලේමාපිලුන් වගේ ජාතියක්... ජනතාව ගැන පොඩ්ඩක්වත් අනුකම්පාවක් නැහැ...
කොහොමද අපේ ආර්ථිකය හසුරුවන ඔස්තාර් සහ ජාත්‍යන්තර පිළිගත්තු රනිල්ගේ වැඩ. තෙල් නැතුවත් මිල වැඩි කරන අගමැති කෙනෙක් අපිට ඉන්නේ. දැන් ධම්මික පෙරේරාත් එකතු වෙලා ආර්ථිකය හදන හැටි...
ඊයේ පෙරේදා තෙල් නැවක් ආවෙත් නැහැ.. ඉතින් කොහොමද මේ තෙල්වල මිල වැඩි වුනේ? මෙතැන තනිකරම වුනේ රජයේ බදු වැඩි කරගැනීමක්.., මෙච්චර අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් හූරාගෙන කනවා..!
මිල වැඩි කළාට රටේ තෙල් නැහැ.. එන්නේ කවද්ද කියලා දන්නෙත් නැහැ...
මිලියන 20ම පාරට බහිමු. ඉන්න අයටත්, හිටපු අයටත් ඉස්සරහට මේක කරන්න බලන් ඉන්න අයටත් තේරෙන්නම...!