(යොහාන් භාසුර)

ඉන්ධන බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් අසළ මේ වන විට පෝලිම්වල රැදී ජනතාවට ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් ‘ටෝකන්’ පතක් දී නිවෙස්වලට පිටත්කර හරින බවත් අදාල ඉන්ධන පිරවුම්හලට ඉන්දන ලැබුණු පසු දුරකථනය හරහා දැනුවත් කර ඉන්ධන ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ආරක්‍ෂක මණ්ඩලය පසුගියදා රැස්වූ අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාව යොදාගෙන පෝලිම්වල සිටින ජනතාවට ‘ටෝකන්’ පතක් දී විස්තර ලබාගැනීමට කටයුතු කරන්නේ යැයි ආරක්‍ෂ මාණ්ඩලික ප්‍රධානී හිටපු හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූ බව කී අමාත්‍ය විජේසේකර මහතා ඉදිරියේදී එය ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.