
(පාලිත මඩුගල්ලේ, ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
වාරියපොළ මීමුරේ ගම්මානය නැරඹීමට යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ දම්බඩේ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් 19 හැවිරිදි විවාහක කතක් මිය ගොස් තවත් 6 දෙනෙකුට තුවාල සිදු වී ඇත.
තුවාල කරුවන් මැදමහනුවර හා තෙල්දෙණිය රෝහල්වලට ඇතුල් කර ඇති බව උඩදුම්බර පොලිසිය පවසයි.
අනතුර පිළිබඳව උඩදුම්බර පොලිසි පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට හදිස්සියකට බෙහෙතක් ගන්නවත් ඩීසල්, පෙට්රල් ටිකක් නැති මේ කාලේ පෝලිම්වල ඉඳලා තෙල් අරගෙන සිරි නරඹන්න ගිහින් අන්තිමේ කරගත්තු දේ...!