(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු තම මෝටර් රථවලට පෙට්‍රල් ලීටරයක් රුපියල් දහසක මිලට අවස්ථා දෙකකදී මිලට ගෙන ඇතැයි වාර්තා වේ.
හදිසියේ නිවසට යාමට අවශ්‍යවී ඇති අතර තම උවමනාව මත පෙට්‍රල් ලීටරයක් රුපියල් 1000කට ලබා ගැනිමට සිදුවු බව පැවසෙයි.
පුත්තලම නගරය ආසන්නයෙ ස්ථානයක සිට මෙම පෙට්‍රල් ලබා දීම සිදුකර ඇති බව කියයි.
දැන ගන්නට ඇති ආකාරයට මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම ඉන්ධන හල්වලින් පෙට්‍රල් ලබා ගැනිමට විශාල උත්සහක් කර ඇති නමුත් එය සාර්ථක වී නොතිබිම හේතුවෙන් මෙසේ වැඩි මිළට පෙට්‍රල් අලෙවි කරන පිරිසෙන් මිළදි ගැනිමට සිදුව තිබුනී.
පසුව නිවසට කඩිනමින් යාමේ අවශ්‍යතාවය නිසාම මේ පිළිබදව තමන්ට හිතවත් කිප දෙනෙකුට දන්වා ඇති බව කියයි.
තම අවශතාවය නිසාම පසුව එක් විශේෂඥ වෛද්‍යවරයකු විසින් ඉන්ධන ලීටර් 30ක් රුපියල් තිස් දහසක මුදලක් ලබා දී මිලදි ගැනිමට කටයුතු කල බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර මහත්තයා ඕක පටස් ගාලා අනිත් පැත්තට ලෙඩ්ඩුන්ගෙන් අයකර ගනියි...
දොස්තර නම් හවසට ලෙඩ්ඩු. ටිකක් චැනල් කරල තිස් දාහට හැටදාහක් හොයා ගනීවි සාමාන්‍ය මිනිස්සුන්ට තමයි එහෙම බැරි