(අංජුල මහික වීරරත්න)
රට ගොඩනැගීමට සියලු දෙනා සහයෝගය දුන්නොත් ලබන නොවැම්බර් මාසය වන විට රට යම් සුබවාදී මාවතකට ගැනීමට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද (26) පැවසීය.
දෙකෝටි තිස් ලක්ෂයක් වන මහජනතාව දැන් රෝගීන් බවට පත්ව ඇතැයි කී අබෙිවර්ධන මහතා එම රෝගීන් බලා ගැනීමට පැමිණ සිටින "විශේෂඥ වෛද්‍යවරයා" වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශාප නොකොට සියළු දෙනාගේම ආශිර්වාදය ලබා දුනහොත් ශ්‍රී ලංකාව නිවැරදි කිරීමට හැකි වනු ඇතැයි සඳහන් කළේය.
2019 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනය අදටත් පරම සත්‍යයක් වී තිබෙන බව කී අබෙිවර්ධන මහතා ඉකුත් මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කාරණා ජනතාව ඇහුවා නම් රට අද මෙවැනි අභාග්‍යයකට මුහුණ දෙන්නේ නැති බව කීය .
එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබූ කාරණා වලින් අකුරක්වත් වැරදි නම් පෙන්වන්නැයි අභියෝග කරන බවද අබෙිවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2/3 මදිද? සහයෝගය ඕනෑවෙලා තියෙන්නේ බඩු ගණන් වැඩි කරන්නයි. තියෙන වත්කම් විකුණන්නද?
රටේ ඉන්ධන මාෆියාවක් තියෙනවා කියලා හිතෙන්නේ. සමහරක් ත්‍රීවීලර් කාරයින් දිනකට දෙතුන් වතාවක් ගිහිල්ලා තෙල් ගන්න නිසා තෙල් පෝලිම් ඉවරයක් නැහැ. ඒවා නවතන්න බලධාරීන් කිසිම පියවරක් ගන්නේ නැහැ. බලධාරීන් කරන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න වගේ එදිනට තෙල් තියෙන තැන් කියනවා.. ත්‍රීවීලර් කාරයින් ඒ ඒ තැන් වලට යනවා. මේ පිරිසක් ගම් මට්ටමෙන් පොහොට්ටු ක්‍රියාකාරීන් නිසා මේවා නවතන්නේ නැද්ද කියලත් හිතෙනවා. සමහර කෙනෙක් කියනවා ලීටරය නියමිත මිලට ගෙන බෝතලය දාහකට දෙනවා කියලා කවුද මන්ත්‍රී කෙනෙකුත් කලුකඩෙන් තෙල්ගත්තා කිව්වා ඉදිරියේ අංක තහඩුව අනුව දෙනවා කිව්වාට අංක තහඩුව වෙනස්කර නැත්නම් මාරුකරගෙන පෝලිමේ යාවි..!
මේ විශේෂඥ වෛද්‍යවරයා මීට පෙර පස්වතාවක් ඇවිත් ලෙඩ්ඩු පාරට වට්ටලා ඉස්පිරිතාලේ බංකොළොත් කළා. ලෙඩ්ඩුන්ගේ කරුමේ...!
මහ බැංකුව කඩන එකත් තිබුණද?
නොවැම්බර් වෙනකොට මිනිස්සු ජීවත්වෙලා හිටියොත් සුබවෙයි.
මොනවද අද රනිල්ට තියන බාධා? කව්ද රනිල්ට සහයෝගය නොදුන්නේ? ඔහු විසින් ඉදිරිපත් කළ අයවැයත් සම්මත කරලා දුන්නා. පාර්ලිමේන්තුවේ, කැබිනට් එකෙත් සහ රාජපක්ෂලාගෙනුත් ඔහුට සහයෝගය තිබෙනවා. මෑතකදී ඇමරිකාවත් සහයෝගය දුන්නයි කිව්වා. අගමැති ධුරය ගන්න කොටත් කිව්වා ඇමරිකානු ඩොලර් මිලියන 500 අතේ තියාගෙන තමයි වැඩේට බැස්සයි කිව්වේ. දැන් ධම්මික පෙරේරාත් තල්ලුවක් දෙනවා. ආයිත් මොන කතාද? අනික 2019 එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව ඇහුවා නම් රට අද මෙවැනි අභාග්‍යයකට මුහුණ දෙන්නේ නැති බව මෙයා අද කියනවා. ඒක නොවේ වුනේ. ඔයා ප්රමුඛ ඔයාගේ ආණ්ඩුව හොරුන් සහ දුෂිතයින් ආරක්ෂා කළානේ එදා...! ඒ නිසා තමයි අද රට අභාග්‍යයකට පත්වෙලා තියෙන්නේ. එදා දූෂිතයින්ට පූර්ණ රැකවරණය මෙයා දුන්නා. එදා දුෂිතයින්ට තිබුණු හොඳම ගැලවුම්කාරයා තමයි මේ වජිර...
මහබැංකු හොරු ටික දැන් එළියට එනවා. අලිබබා සහ හොරු කණ්ඩායම රට ඉවරම කරාවි...
දැන් මේ සේරම බෝධිසත්වයන් වෙලා. නුඹලා සේරටම දෙන්නම් ලබනපාර හැඳි ගෑවිලා යන්න..!
රට ගොඩගන්න එන එක්කෙනා දැක්කාම දුක හිතෙනවා.. ඔක්කෝම මේ තියෙන තත්වයට වග කියන්න ඕනේ..!
නූගත් දේශපාලුවන් මේවාට යොමු නොකරන්න.
ඔය ප්‍රතිපත්ති ප්‍රකාශය කවද්ද නිකුත්කලේ අපි නම් කිසිම දිනක දැක්කේ නැහැ. ඕවා ජනතාවට දෙන්න ඕනෑ මැතිවරණය පවත්වන්න කලින් එහෙම නැතුව මැතිවරණය අවසන් වෙලා අවුරුදු ගණනක් ගතවුණාට පස්සේ නොවෙයි, ප්රචාරක රැස්වීම්වල කතාකරන්න ඕන ප්‍රතිපත්ති ප්‍රකාශයේ දේවල් මිස වෙනත් ඕපාදූප නොවෙයි.. උදාහරණයක් හැටියට කියන්නේ ඔහේ රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ලෙසට එනවා නම් කරන කටයුතු දෙසාබාන්න. තවත් කෙනෙක් සුව ඇමැතිවරයා වෙනවා නම් ඒ ගැන දෙසාබාන්න කෘෂිකර්ම ඇමැති වරයා වෙන්න ඉන්න කෙනෙකු ඒක ගැන කියන්න එහෙම නැතුව කාලයක් ගතවෙලා ඕක කියලා මොකටද?
උපන් දා ඉඳන් මේ වෙනකල්ම කටින් බතල කොළ හිටව හිටවා පත්තු බැඳපු හන්දි වෙදෙකුට ඔහෙලා විශේෂඥයෙක් කිව්වට, මොලේ කඳුලක් ඇති කෙනෙක් විශේෂඥයෙක් කියනවද? මේපාරත් නලාව කරේ දාගෙන මාධ්‍ය සාකච්ඡා තිය තිය ඉන්නවා මිසක් හරියට කසායක්වත් ලියාගන්න පුළුවන් වුණාද මේ ලෙඩේට..?
මේ ඔක්කොටෝම දැන් මරු පෙනිලා ඉන්නේ... එක එක හොරුන් එක එක ආතභූ කියනවා. හිතුවද සේරම අමතක කරලා, ඔහෙටයි, ඔහේගේ අර රනිල්ටයි ආයෙමත් බලය දෙයි කියලා...? ඔහෙලා ඔක්කොම හොරු. ඒක දැන් ගොඩක් මිනිස්සු තේරුම් අරන් ඉවරයි.
දොස්තර වැඩේ තියා බෙහෙත් කලවම් කරන්නවත් බැරි කෙනෙක්නේ..? මෙයා මේ මිනිස්සු රාජපක්ෂලාව යවනකල් කල්මරනවා... පිනට ජනාධිපතිකම ගන්න ව්‍යවස්ථාවේ හැටියට අගමැතිට ඉබේම ජනපතිකම ලැබෙන නිසා...
මෙයා මරු, කියවන්න
මේයා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකද.? බල කෑදර කමට ඇවිත් රට කනවා. කෝ සතියෙන් පෝලිම් ඉවරයි කිව්වා නේද? පච කෙලින් නැතුව හිටියා නම් අපේ ඇගේ ලේ රත්වෙන්නෑ
මේ මහත්තා අනාවකියක් කිව්වොත් හරියටම හරි පාර්ලිමන්ට් එකට එනකොටම මීඩියා වලට කීව අගමැති වෙන්නත් පුලුවන් කියල.
ජනතාව ගාව රනිල්ට දැන් දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ එකක් විතරයි. මට ඒක ප්‍රසිද්ධියේ කියන්න බැහැ.