(ඩයනා උදයංගනී)
ලබන සතියේ දී පාසල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පසුගිය සතියේ නොපැවැත්වුණු නාගරික පාසල් ද මෙම සතියේ දින තුනක් පැවැත්විය යුතුය.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

(ඩයනා උදයංගනී)
ලබන සතියේ දී පාසල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පසුගිය සතියේ නොපැවැත්වුණු නාගරික පාසල් ද මෙම සතියේ දින තුනක් පැවැත්විය යුතුය.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මෙතන දරුවන්? ගුරුවරු එන යන හැටි විතරක් කතා කළාම ඇද්ද? හරියට තීරණයක් ගන්න බැරි පැහැදිලි තොරතුරක් සහිතව නිවේදනයක් නිකුත් කරගන්නත් බැරි ඔබලා යන්න ආයෙත් ඉස්කෝලේ.... !
1 සිට 11 වසර දක්වා දරුවන්ට තමන්ගේ ස්ථිර පදිංචි ස්ථානයේ සිට උපරිම කිලෝමීටර් 5 ක් දුර පාසලකට යාමට උපදෙස් දෙන්න. එතකොට පා ගමනින් බැරි නම් අඩුම තරමින් පාපැදියකින් හෝ යා හැකියි. කිලෝමීටර් 20ක් විතර ඈතක සිට ගුරුවරු අම්බලන්ගොඩ පාසල්වලට එනවා. ළමයිනුත් එවැනිම දුර සිටක පැමිණ අම්බලන්ගොඩ පාසල්වල ඉගෙනුම ලබනවා. මොකක්ද මේ නාඩගම...? ඊට හොඳනැද්ද තමන්ගේ අහළ පහළ තියෙන පාසලකට ගියා නම්... පසුගිය සතියේ අම්බලන්ගොඩ ප්‍රධාන පෙලේ කියන පාසල් හතර හැර කලාපයේ සියලුම පාසල්වල සිසුන්ගේ පැමිණීම ඉතා සාර්ථකයි. ඒ අය පාසලට ආවේ උපරිම කිලෝ්මීටර් 5 ක් පමණ දුර සිට. මේවා අද ඊයේ කියන දේවල් නොවෙයි. මේ පිළිබඳ චක්‍රලේඛයක් පවා තියෙනවා. ඇයි මේවා ක්‍රියාත්මක නොකරන්නේ...? ඇයි කලා, වානිජ පන්ති වුවත් ගම්වල පවත්වන්න පුළුවන්. විද්‍යාගාර පහසුකමක් අවශ්‍ය නිසා ගැටලුව තියෙතන්නේ උසස් පෙළ විද්‍යා අංශයට පමණයි. එහෙම කළොත් මාසයකට තෙල් නැවත් ඉතුරු කරගන්න පුළුවන්. මොකද පාසල් බස් රථ 400ක් පමණ අම්බලන්ගොඩ පාසල්වලට පමණක් එනවා. හැම කෙනෙක්ම මේකෙන් මුදල් හම්බ කරනවා. පරිසර දූෂණයක් වන්නේත් නැහැ. කාටත් හොඳයි. ඕනෑම අර්බුද කාලෙක පාසල් පවත්වාගෙන යන්නත් පුළුවන්...
ගුරුවරුන් විතරක් නෙවෙයි, ළමුන් සඳහාද පාසලට යාමට නොහැකි තත්ත්වයක් තියෙන්නේ... ඉන්ධන අර්බුදය හමුවේ. ඉන්ධන අර්බුදය විසඳෙන කන් පාසල් සිසුන්ට ඔන්ලයින් ක්‍රමය ක්‍රියාත්මක වෙනවා නම් ඉතා සුදුසු වේ...!