
(සුජිත් හේවාජුලිගේ )
සෞඛ්‍ය අංශ සේවකයන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා වෙන්කෙරෙන ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 84 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
සෞඛ්‍ය අංශ සේවකයන් සඳහා මෙතෙක් වෙන් කෙරුණු ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 74 කි.
මේ අතර ඉන්ධන පිරවුම්හල් සඳහා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 6600 බැගින් බෙදාහරින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම්දී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසුම කුමට ළංවී තෙල් ගන්න බැරි...
සෞඛ්‍ය අංශ සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතා බදු මුදලින්. ඒ වුණාට ජනතාවට අන්තිමට සලකනවා. එහෙනම් ටැක්ස් ගෙවන හැමෝටම මේ අවස්ථාව දෙන්න...
ලංකාවේ සිද්ධ වෙන්නෙම එක එක පැලන්ති වලට එකඑක විදියට සලකන එක. සාධාරණ ලෙස ජීවත් වෙන්න හදන එකාට හැම දාම හුලං.. ඔන් කෝල් ඉන්න දොස්තරලාට ඉන්න නේවාසික පහසුකම් හදලා තියෙනවා. නර්ස්ලා වැඩ කරන්නේ පැය 6-8, ඒ අයට පොදු ප්‍රවාහනය අකැපද? ඔය තෙල් ගෙනෙන්න ඩොලර් හොයන මිනිස්සුන්ට වෙනම පෝලිමක් දෙනවාද? කරුණාකර , ව්‍යාපාරයකට අවශ්‍ය ඉන්ධන ප්‍රමුඛතාව හැර ඉතිරි සියල්ලට සාධාරණ ලෙස කූපන් ක්‍රමයකින් බෙදන්න. මේක මහා කාලකන්නි රාජ්‍ය සේවයක් තියෙන රටක්.. හැම දෙයක්ම ඔවුන්ට බෙදාගෙන පුද්ගලික අංශවලින් හොයලාදෙන ඩොලර් ටිකෙන් දෙන පෙට්‍රල් ටික ඉස්සරවෙලා ඔවුන් බෙදාගන්නවා. බදු ගෙවන, ඩොලර් හොයලා දෙන අයට හැකිතරම් පීඩනයක් දෙනවා..!
ඒක තමයි. අපිට එහෙම තෙල් එපා... පෝලිමක් දවස් 4ක් 5ක් පාඩුවේ ඉඳලා තෙල් ගහගෙන එන්නම් ලෙඩ්ඩු වූ විට බේත් දෙන්න. පවුලේ කෙනෙක්ට අසනීපයක් හැදුණොත් තෙල් පෝලිමට අරන් එන්න...!
ටැක්ස් ගෙවන හැමෝටම මේ අවස්ථාව දෙන්න...
ලෙඩෙක් ඉස්පිරිතාලෙට අරන් යන්න තෙල් නැති වෙද්දී, දොස්තරට ඉස්පිරිතාලෙට යන්න තෙල් දීලා වැඩක් තියනවද?
ඒ අයත් ඉපදිලා තියෙන්නේ අනිත් අය ඉපදුණු විදිහටමනේ... ඉතින් ඇයි මේ විශේෂයක්...?
සෞඛ්‍ය සේවකයින් හිතවතුන්ගේ වාහන අරගෙන ගිහිල්ලත් ඉන්ධන ලබාගනී නේද? එය වළක්වන්න ක්‍රම අරන් නැද්ද? ඔය මිනිස්සුත් සතේකට විශ්වාස කරන්න බැහැ.