(ඉන්දිකා  රාමනායක)

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීයාට  කොට්ටාව මාකුඹුර අධිවේගී   පිවිසුමේදී  පහර දී තුවාල සිදු කොට, ඔවුන් ගමන් ගත් මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු  කොට්ටාව ප්‍රදේශයේ පදිංචි කුඩා වෙළෙඳ සලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගේ බවද   පොලීසිය සඳහන් කරයි .

මෙහු ද  සමඟ මෙම  සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .

අත්අඩංගුවට ගත් සැකකරු අද  (25) අධිකරණය ට  ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .