(රංජිත් රාජපක්ෂ)

හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකින් භුමිතෙල් මිල දි ගැනිමේ අපෙක්ෂාවෙන් පොලිම් වල රැදි සිටි දෙදහසක් පමණ පාරිභෝගිකයෝ පිරිසක් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ

හැටන් ප්‍රදේශයට භුමිතෙල් ඉකුත් (09) දිනයෙන් පසු  තොග නොලැබුණු බවත්, දිනපතා තමන් පැය ගණනාවක් පොලිම්වල රැදි සිට ආපසු හිස් අතින් නිවාස කරා යන බව උද්ඝෝෂණයේ නිරතව සිටි පාරිභෝගිකයෝ කියා සිටියහ.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය කල වාහන උද්ඝෝෂණය හේතුවෙන් විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කෙරිණ.