(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (24) පස්වරුවේ පැවසීය.
එම නෞකාව අද පැමිණෙන බව සැපයුම්කරු ඛනිජ තෙල් සංස්ථාව දැනුවත් කර තිබූ බවත් එය තව දුරටත් ප්‍රමාද වන බවට ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.
එම නෞකාව ශ්‍රී ලංකාවට ළගාවන දිනය පසුව දැනුම් දෙන බව කී අමාත්‍යවරයා නෞකාවේ ප්‍රමාදය සහ අද පැමිණෙන බවට කළ ප්‍රකාශ පිළිබඳව කණගාටුව පළකරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමක්, රටක් නැති සැපයුම් කරුවෙක් වෙන්න ඇති. ඒකනේ විස්තර නොකියා සමාව ගන්නේ. එහෙනම් ඉතින් පෝලිම් වලත් දින නියමයක් නැතුව ඉන්න වෙනවා නේද?
මිල වැඩි කරාම ලස්සනට එයි....
හොඳ සල්ලි...
අපි මුලින්ම කිව්වා නේද... මේ ඇමැතිත් බොරු කිය කිය රාජපක්ෂ හවුලේ කඩේ යන කෙනෙක් කියලා..
මෙයා පෝලිම්වල ඉන්න එපා කිව්ව දවස් තුනේම තෙල් ආවා. අනිත් නාකි මයිනලා වගේම කිසිම වගකීමක් නැහැ.
ඇත්ත කියාගන්න කොන්දක් නැති කෙනෙක්...
ගෙදර යන්න මහත්තයෝ, ඔයාගේ කණගාටුවෙන් අපට වැඩක් තියෙද?
මෙයාගේ ට්විටර් පණිවිඩවලින් ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාවය පිරිමහනවද?
ඔය එනවයි කියපු නැව් නාවොත්...?