රියදුරු බලපත්‍ර අවලංගු කරන අලුත්ම ක්‍රමය වාහන රියදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ (2023) මාර්තු මස 31 වැනි දිනට පෙර ආරම්භ කරන බවත් ඒ අනුව රියදුරෙකුට අකුසලතා ලකුණු 24 ක් එකතු වූ විට ඔහුගේ රියදුරු බලපත්‍රය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පැවසීය. 3 years ago
වාහන ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය කොළ 6ක් වෙයි වාහන ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් භාවිතා කළ කඩදාසි කොළ 12 කින් යුත් සංකීර්ණ ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය කඩදාස කොළ 6 ක් දක්වා අඩු කළ බවත් එම නව ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය ලබන ජනවාරි 1 වෙනිදා සිට භාවිතා කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පැවසීය. 3 years ago
වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි වාහන අංක තහඩුවේ මෙතෙක් පැවති පළාත් හැඟවීමේ ඉංග්‍රීසි අක්ෂර ලබන ජනවාරි මස 1 වෙනිදා සිට ඉවත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල පළාත් ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පෙරවරුවේ පැවසීය. 3 years ago
’’බලු මූණා’’ අත්අඩංගුවට ආඩිඅම්බලම ප්‍රදේශයම බිය වද්දා ගනිමින් මංකොල්ලකෑම් , පැහැරගැනීම් සිදු කළ ’’ බලු මූණා ’’ කටුනායක පොලීසිය විසින් බලවත් පරිශ්‍රමයක් දරා ඊයේ (29) සවස අත්අඩංගුවට ගෙන තිබේ. 3 years ago
මෝදිගේ මවගේ අභාවයට ජනපති සොව කරයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෑණියන් ගේ අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලවත් ශෝකය පළකර තිබේ. 3 years ago
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව අයතන ප්‍රධානීන්ට දුන් පණිවුඩය ජාතික රක්ෂණ භාර අරමුදල වාරික ගෙවීම් මින් ඉදිරියට සෘජුවම අරමුදල වෙත එවන ලෙසට රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව මගින් සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත. 3 years ago
ආණ්ඩුකාර කාර්යාලයේ බිල් පළාත් සභාවෙන් ගෙවලා ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පාවිච්චි කළ නිවසේ පවත්වාගෙන යන ආණ්ඩුකාර කාර්යමණ්ඩලයේ කාර්යාලයේ මාසික විදුලි හා ජල බිල්පත් වල වටිනාකම රුපියල් 314 761කි. 3 years ago
මෝදිගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් හීරාබෙන්, අද (30) අලුයම 3.30 ට අභාවප්‍රාප්ත වූ බව ඇය ප්‍රතිකාර ලබමින් සිටි අහ්මදබාද් රෝහල නිවේදනය කළේය. 3 years ago
වායු දූෂණය මනින්න උපකරණ තුනක් වායුව මිනුම් ගත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් උපකරණ තුනක් ලබාදී ඇති බව පරිසර අධිකාරියේ වායු දූෂණ ඒකකයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නීතිඥය සංජය රත්නායක මහතා කීය. 3 years ago
හෝටලයට යන පාර නොකී ඒ.එස්.පී. ගුටි පූජාවක් හෝටලයකට යන මාර්ගය ගැන කිව්වේ නැතැයි කියමින් සහකාර පොලිස් අධිකාරීවරයකුට පහර දුන් බව කියන තරුණයෝ දෙදෙනෙක් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 3 years ago
පේලේ සමුගනී ලොව විශිෂ්ඨතම බ්‍රසීල පා පන්දු සුපිරි තරුව පේලේ, දිවි ගමන නිමා කළේය. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය. 3 years ago
මෙරට ගෙවල් විකුණා ඩොලර් ලක්ෂ පහක් සොයයි නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කර මේ වනවිට ඇමරිකා ඩොලර් ලක්ෂ පහකට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago