
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ එස් හේරත්)
මාදම්පේ හැඩබණ්ඩාරගම හන්දියේ දී ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පියා සහ දියණිය එම ස්ථානයේ දී ම මිය ගොස් ඇතැයි මාදම්පේ පොලිසිය පවසයි.
අනතුර සිදු වීමෙන් පසු රියැදුරා ලොරි රථය දමා පලා ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මාදම්පේ හැඩබණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි නිහාල් පෙරේරා නැමැති ව්‍යාපාරිකයකු සහ ඔහුගේ දියණිය වන සිතුෂි පෙරේරා නැමැති 16 හැවිරිදි පාසල් සිසුවියකි.
එම සිසුවිය මාදම්පේ සේනානායක ජාතික පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුවියකි.
මාරක අනතුර සිදුකර පළාගිය ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට පොලිසියෙන් දඬුවම් දෙන්නේ නැහැ.