(අංජුල මහික වීරරත්න)
හම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250ක මිලකට අද(2) සිට සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි .
කුකුළු මස් හා බිත්තර මිල අඩු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි .
එම සාකච්ඡාවට දැනට අප රටේ කුකුළුමස් නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවන් මෙන්ම මහා පරිමාණ වශයෙන් බිත්තර නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවෝ සහභාගී වී සිටියහ.
රජය විසින් මේ වනවිට බිත්තර මිල පාලනය සඳහා තවත් බිත්තර මිලියන 91ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව කී අමාත්‍යවරයා කුකුළු මස් මිල ද අඩු නොකළහොත් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීම සඳහා කුකුළු මස් ද ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජයට සිදුවන බව අවධාරණය කළේය.
කුකුළු මස් හා බිත්තරවලින් රට ස්වයංපෝෂිත වුවද බිත්තර හා කුකුළුමස් මිල ඉහළයාම රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයට ගැටළුවක් වී තිබෙන බවත් එම නිසා මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම බිත්තර මිල හා කුකුළු මස් මිල අඩු කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව අද සිට හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1250 දක්වා අඩු කිරීමට එකඟත්වය පළ කර තිබේ.
කිසියම් සුපිරි වෙළෙඳසැලක් ඊට වැඩි මිලට අලෙවි කරන්නේ නම් 0712732679 දුරකථනය මගින් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමයේ අජිත් වීරසිංහ මහතාට දැනුම් දෙන ලෙස ද එම කර්මාන්තකරුවන් පාරිභෝගිකයින්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තවත් මාෆියාවක්. මම නම් කියන්නේ කුකුල් මසුත් ගෙන්නන්න කියලා.
කොහොමත් පිටරටින් ගෙන්වන්න. කිලෝ එක... 850 වෙනතුරු...!