(සුජිත් හේවාජුලිගේ )
දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1100 ක හිඟ බිල්පත් ගෙවීමට ඇති හෙයින් ඔවුන් ඖෂධ සැපයීමට අදිමදි කරන තත්වයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ හිඟ බිල්පත් ගෙවීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් දැනටමත් මුදල් ඉල්ලා ඇති බවයි.
එම මුදල් අදියරෙන් අදියර මුදාහැරීමට මහා භාණ්ඩාගාරය එකඟවූ බවද ඔහු සඳහන් කළේය.
ඊට අමතරව තවත් කෝටි 300 ක් වෙනත් ආනයනකරුවන්ට ගෙවීමට ඇති බවද රත්නායක මහතා පැවසුවේය.
රටපුරා අත්‍යවශ්‍ය ඖෂධ 161 ක පමණ හිඟයක් පවතින බවත් එම ඖෂධ දැනටමත් ඇණවුම් කර ඇති බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙම ඖෂධ ඉදිරි සති කිහිපයේදී ලැබීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බෙහෙත් සැපයුම්කරුවන්ට කෝටි 1100ක් ණයයි