
(සුමිත් පොතුපිටිය )
වසර 40 ක් මුළුල්ලේ මත්‍ද්‍රව්‍ය මැඩලන්න පොලිසිය අසමත් වෙලා යැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ මහතා මේ බව සදහන් කළේ අද කළුතර පැවතී සාර කැදැල්ලට පාර කියන්නට යන සංකල්පය යටතේ පැවැත්වූ වැඩසටහන් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .මත්කුඩු නතර කරන්න බැරිවෙලා තියෙන්නේ එයින් ලැබෙන අති විශාල ලාභය සහ ධනස්කන්ධය නිසා. මේකෙන් ලෙසියෙන් මුදල් හම්බ කරන්න පුළුවන් ව්‍යාපාරයක්. මත්කුඩු ගංජා මත්පෙති අද වනවිට පාසල් දරුවන් අතටත් පත්වෙලා. මේක නතර කිරීම පොලිස් ස්ථානාධිපති වරුන්ගේ වගකීම.
1982 පළවෙනියා හෙරෝයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත්තා. ඔහු සංචාරක මගපෙන්වනෙක්. අද නගර උප නගර ගම් ග්‍රාම සේවා වසම් 14022 ක පාසල් ළමුන් කරා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා.
මේක නතර කරන්න ක්‍රම දෙකක් තියෙනවා . එකක් සැපයුම නතර කරන්න ඕන අනික ඉල්ලුම නතර කරන්න ඕන.
ෙඒ සැපයුම් ජාලය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ඕන. අපි තරම් පන්සල් පල්ලි කෝවිල් යන ජාතියක් නෑ. ඒත් එයින් ලබාදෙන පණිවුඩය බොහෝ දෙනෙක් ලබාගෙන නෑ. මෙය නතර කරන්න මුල්වෙන්නේ පන්සලද ? පල්ලිය ද ? කෝවිල ද කියන එක අදාල නෑ. අපි සියලු දෙනා එක්වෙලා මෙය නතර කල යුතුයි.
කළුතර පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන 17 ක ප්‍රජා පොලිස් ඒකක 94 ක මත් ද්‍රව්‍ය අබ්බැහිවුවන් 171 ක් සහ පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 13 ක ප්‍රජා පොලිස් ඒකක 73 මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 146 දෙනෙකු වෙනුවෙන් මෙම වැඩසටහන් පවත්වන ලදී.
මෙහිදී එම පවුල්වල සාමාජිකයින්ට වියළි සළාක මළු බෙදාදීමක්ද සිදුකරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලන ඒවා විකුණන එක නතර නොකරන තුරු...
අනික, ඔබතුමා මොන ක්‍රමයකින් හරි යුනිෆෝම් එක භාරදීලා වෙන රක්ෂාවක් හොයාගෙන යන්න...
දූෂිත දේශපාලකයෝ මාර්ගයෙන් තමා රටතුල කුඩු, මත්‍ද්‍රව්‍ය එන්නේ. ඒ වගේම රටේ පාතාලය බිහි කලේත්, පෝසත් කලේත් දුෂිත දේශපාලකයින් විසින්මයි. මේ රටේ කළු ඉතිහාසයක් තියනවා හිටපු ජනාධිපති කෙනෙක් අධිකරණයෙන් දඬුවම් දුන්නු ප්‍රබල පාතාල නායකයකුට පොදු සමාවත් දීලා, සාම විනිසුරු පදක්කමුත් දීලා ගෞරවය කළා. මේවා මට්ටු කළ හැක්කේ ජනතාව වෙනස් වෙලා ජාතික ජනබලවේගය වගේ පිරිසිදු පාලනයකින් පමණයි...
කොතන හරි ලොකු ගැටලුවක් තියෙනවා. පොලිසිය, නීති පද්ධතිය, දේශපාලනය කරන අය මේ තුනේම එකතුවෙන් මත්ද්‍රව්‍ය අලෙවිය සහ පාතාලය හොඳින් කරගෙන යනවා..
සමහර කතා තියෙනවා, ඒ කරුණ කොච්චර වැදගත් වුණත්, ඒක කියන එක්කෙනා දැක්කාම හිනා යනවා. මේකත් ඒ ජාතියේ කතාවක්..
පොලිසියේ උන්දෑලත් කුඩු ජාවාරම් කාරයින්ගෙන් පගාව අරන් ඔවුන්ව බේරලා යවනවා. දූෂිත දේශපාලුවන්ගෙනුත් ඔවුන්ට පිහිට, ආරක්ෂාව ලැබෙනවා. අල්ලන කුඩුත් හොර පාරෙන් ආයෙත් විකිණෙනවා. පොලිස් ලොක්කලා කියලා කරන්නේ දූෂිත දේශපාලුවෝ රකින එකනේ...?
ඇත්ත... ඇත්ත...! ඒත් මෙන්න මෙහෙම ප්‍රවෘත්තියකුත් ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍යය තුළින් දැක්කා. රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ විමර්ශනවලට යොමු කරන නඩු භාණ්ඩ ගබඩාවේ තිබෙන මත්කුඩු වෙනුවට සියයට හැටක පමණ තිබෙන්නේ වේදනා නාශක පෙති කුඩු, බිත්ති හුණු ඇතුළු ඒ සමාන විවිධ කුඩු වර්ග. ඉඩ ලැබුණු වෙලාවක විමර්ෂණය කරලා බලන්නකෝ...!
ඒගොල්ලෝ පාස්වෙන්නේ ඇමැතිවරුන්ගේ පාවහන් ලෙවකෑමේදී පමණයි.
ඇත්තත් කියනවා දැන්...
අපි මොනා හරි කරන්න බලන්නම්. ඔයා පොලිස්පති කළොත් හරි කියලා හිතාගෙන හිටියේ. දැන් තේරෙනවා එකත් හරි යන්නේ නෑ වගේ.
පවුල් පාලන ආණ්ඩුව කාලේ කුඩු වලින් නම් දරාපු අයත් උන්නා. පොලිසියේ උසස් නිලධාරීන්ගේ සහාය ඇතුව බේරලා ඇරියා. පොලිසිය ඒ අතින් නම් කියලා වැඩක් නැහැ.
මෙයාට දැනුයි මිනිස්සු මතක් වෙලා තියෙන්නේ.. ඡන්දයක් ළඟ වගේ...!
මානව හිමිකම් රැකීම වගේ තවත් වැදගත් දේවල් වලිනුත් පොලිසිය ෆේල් කියලා අපිට නම් පෙනෙනවා. සමාජය කුණු වී ඇති ප්‍රමාණය යම් තාක්ද, ඊට සමානුපාතිකව පොලිසියද කුණුවෙමින් පවතී.
ඩ්‍රාමා ඇන්ඩ් ෆිල්ම්ස් ඔන්ලි