
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව වෙම්බුවැව වෙල්යායෙ වල් ඌරන් මැරිම සදහා අටවා තිබු නිති විරෝධි විදුලි රැහැනක පැටලුන සද්ධන්ත ඇතකු මරණයට පත්ව ඇති බව පුත්තලම වනජීවි පාලන ඒකකය කියයි.
ප්‍රධාන මාර්ගයෙ දිවෙන අධි බලැති 33000 ධාරිතාවයකින් යුත් විදුලි රැහැන් පද්ධතියට රිඝුව වයර් යොදා ඉන් පසුව අඩි දහසකට ආසන්න දුරකට බයිඩින් කම්බි වෙම්බුවැව වෙල්වාය මැදින් ඇදගෙන ගොස් කුඹුරු යායෙ කෙළවරක වල් ඌරන්ට උගුල් අටවා තිබු බව වනජීවි නිළධාරීහු පවසති.
එසේ වල් ඌරන්ට අටවා තිබු මෙම නීති විරෝධී විදුලි රැහැන හරහා ගමන් කරමින් සිටි සද්ධන්ත ඇතකු පැටලී ඇති බවත් කියයි.
මෙසේ ඌරන්ට අටවා තිබු නීති විරෝධි විදුලි රැහැන ඇතාගෙ සොඩෙහි පැටලි ඇති බවත් ඒ සමගම ඇතා බිම පතිත වී විනාඩි ගනනාවක් දැඩි වේදනාවක් විදමින් මරණයට පත්වි ඇති බව වනජීවි නිළධාරීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක්...!
ඕක ඇදපු මිනිහවත් ඕකෙම පටලවන්න….
සිංහල බොදු සංස්කෘතියේ විශිෂ්ඨ සහ අලංකාර ඉසව්වක් වන දළදා පෙරහරට විරුද්ධව කෑ මොර දුන් අරික්කාල් මාක්ස්වාදීන්, ඊනියා සත්ව ප්‍රේමීන්, ලිබරල් යයි කියා ගන්නා උලමුන් මෙවැනි කෲර ඝාතනවලට එරෙහිව කුමක් කරන්නේ දැයි අපි බලා සිටිමු...!
මේ පව් වැඩේ කරපු කාලකණ්ණින්ට හෙණම වැදියන්... පව් අහිංසකයා...!
නීතිවිරෝධී විදුලි රැහැන් නම්, නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.