(සිසිර කැලේගම)
පලා කැඩීමට පොල්පිතිගම හාතිගමුව මහ වැවට ගිය පුද්ගලයකු එරී සිටියදී බේරාගෙන රෝහල්ගත කළ බව පොල්පිතිගම පොලිසිය කියයි.
එම ප්‍රදේශයේ පදිංචි මෙම තැනැත්තා අතුරුදන් වී ඇති බවට පවුලේ ඥාතීන් පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබුණි. ඒ අනුව පොලිසිය පැමිණ සොයා බැලුවත් හමු වී නැත.
මෙම තැනැනත්තා 42 වන වියේ පසුවන අයෙකි. කලක් හමුදා සේවයේ සිටි නිලධාරියෙකි.
දැනට මානසික අසනීපයකින් පසුවන ඔහු හාතිගමුව මහ වැවට කංකුන් දලු කැඩීම සඳහා ගිය අවස්ථාවේ මඩේ එරී ඇත.
ඔහුගේ අතක් කිසියම් සතකු විසින් සපා කා තිබෙන අතර එය කිඹුලකු විසින් සපා කා ඇති බවට අනුමාන කරන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
තුවාලකරු ඒ මොහොතේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.
ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් සේවකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික රෝගියකු සිටින පවුල්වල අය මුලදී එවැනි රෝගීන් ගැන හොඳ අවධානයෙන් සිටියත් පසුකාලිනව එම තත්වයෙන් මිදී කටයුතු කිරීම මෙවැනි දේවල් සිදුවීමට ප්‍රධානතම හේතුවයි.
ඉතිං මඩේ එරෙනකන් කන්කුන් කැඩුවාද, අනික ගෙදර හරි කාටහරි call එකක් දෙන්න තිබුනේ නැද්ද? ගෙදර නොකියා කන්කුන් කඩන්න ගියාද? මේ වගේ අසනීප අය කංකුන් කඩන්න යවන්නේ ඇයි. ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා.