(ලුසිත ජයමාන්න)
‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය සාර්ථකව සඳට පතිත කිරීමෙන් ලැබූ පන්නරයෙන් පසු, ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉස්රෝ’ අද (2) හිරු ගවේෂණයට යානයක් යැවීමට සැලැසුම් කර තිබේ.
‘ආධිත්‍යා එල් 1’ යනුවෙන් නම් කළ එම යානය, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක ආධාරයෙන්, අද (2) උදෑසන 11.50 ට පෘථිවි කක්ෂයට යැවීම සිදුවනු ඇත.
‘ආධිත්‍යා එල් 1, යානය හිරු අසලට නොයයි. යානය, හිරු සහ පෘථිවිය අසල ‘ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය’ යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන ස්ථානයේ රඳවා තැබෙන බවත්, එහි සිට හිරු ගවේෂණය සිදු කරන බවත් ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පැහැදිලි කර තිබේ.
‘ආධිත්‍යා එල් 1’ ගවේෂණ යානය, ‘එල් 1’ යනුවෙන් හැඳින්වෙන්නේ, හිරු සහ පෘථිවිය අතර පිහිටි ‘එල් 1’ ලග්‍රාන්ජ් ලක්ෂයේ රඳවා තැබෙන නිසාය. මෙම ස්ථානය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි.
ඉන්දීය විද්‍යාඥයන්, ‘ආධිත්‍යා එල් 1’ යානය නිපදවීම ආරම්භ කළේ 2008 වසරේදීය. යානය නිපදවීමට වැය වී ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 378.53 ක් බව පැවැසෙයි. ‘ආධිත්‍යා එල් 1’ යානය කිලෝ ග්‍රෑම් 400 ක් බරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සීඝ්‍රෙයන් හැම අංශයකින්ම දියුණුවන රටක්... රටට ආධාර කරන දේශපාලනඥයින් සහ ජනතාව ඉන්නාවූ රටක අනාගතය සුබයි. අපි සැවොම එම තත්වය ළඟාකර ගැනීමට මහන්සි වී වැඩ කරමු.