
(සුජිත් හේවාජුලිගේ )
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත් ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයත් අරඹා ඇති සටන මේවනවිට උණුසුම් මුහුණුවරකට පැමිණ ඇතැයි වාර්තා වේ.
විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙහෙයවීමට ආණ්ඩුව විසින් විශේෂ කමිටුවක්ද පත් කරනු ලැබ ඇත.
ආණ්ඩුවට මෙසේ කටයුතු කිරීමට සිදුව ඇත්තේ මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ ප්‍රබල උත්සාහයක නිරතව සිටින නිසා බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා විපක්ෂය ප්‍රබල සටනක නිරතව සිටින හෙයින් ලබන සතියේදී විදේශ ගමන්වල යෙදීම ජනාධිපතිවරයා විසින් සියලු මැති ඇමැතිවරුන්ට තහනම් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තනතුර බාර ගන්න කිව්වාම හැන්ගෙන අනුර දිසා හෝ සජිත් ප්‍රේමදාස දෙබෑයන් දෙන්න ගෙන් කෙනෙකුට සුව ඇමතිකම දුන්නොත් නරක ද කෙහෙළිය යවලා?
රඹුක්වැල්ල කියන්නේ හොඳම සෞඛ්‍ය ඇමැති... ඔහුට ජනගහනය අඩු කරන්නත් පුළුවන්.
කෙහෙළිය පන්නන්න තරම් ඡන්ද තිබෙනවා නම් ආණ්ඩුව පෙරලන්න පුළුවන් නේද?