යුද හමුදා සෙබළා අදාල නැති දෙයක් කරලා වව්නියාව ගණදෙවි කෝවිලේ තැන්පත් කර තිබූ පිත්තලෙන් සාදා ඇති නටරාජා පිලිමයක් හොරා ගත් බව කියන යුද හමුදා සෙබළකු සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව මූලස්ථාන පොලීසිය පවසයි. 15 May 2023
කායවර්ධන උපදේශක ගෙවල් බිඳලා හොරණ ගල් ඒදඩු ගොඩ දෙමහල් නිවසකට ඇතුළු වී රුපියල් ලක්ෂ දහයකට ආසන්න ඇපල් වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සහ තවත් දේපල රැසක් සොරාගත් කායවර්ධන උපදේශකවරයකු පිලියන්දල දි අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 15 May 2023
අදත් තැනින් තැනට වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 May 2023
ප්‍රකාශයක් ගන්න ගෙනා කත මැරිලා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක ගෘහ සේවයේ නිරතව සිටි කාන්තාවක එම නිවසෙහි දේපොළ සොරා ගත් බව කියන පැමිණිල්ලකට අනුව ප්‍රශ්න කිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානයට රැගෙන ආ අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය කියයි. 14 May 2023
මල්වට්ටිය ලක්ෂ හයකට අලෙවි වේ නාඋල - මී ගොල්ල ශ්‍රී ජිනරාජවිවෙක සෙනසුනේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යයයේ ඉතිරි වැඩ කොටස් නිමා කිරිම වෙනුවෙන් කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් හය ලක්ෂ හැට දහසකට අලවි වූ බව සංවිධායකයෝ කියා සිටිති. 14 May 2023
හැරිසන්, සජිත් හැර යයි තව පෝය දෙකක් යන විට සජබෙන් බාගයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්වනු ඇතැයි සමගි ජන බලවේගයේ උප සභාපති පී .හැරිසන් මහතා ලංකාදීපයට පැවැසීය. 14 May 2023
ටික් ටොක් යතුරු පැදි තරඟයක් වටලයි ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නීති විරෝධී ලෙස සංවිධානය කරන ලද මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීමේ යෙදුණු තරුණයන් අටදෙනෙකු යතුරුපැදි පහක් සමඟ බම්බලපිටිය මුහුදු මාවතේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 14 May 2023
’’හරීන් සමඟ දේශපාලන ගමනක් යනවා’’ හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය. 14 May 2023
ගංවතුරට මැදි වූවන්ට කඩිනම් සහන ගාල්ල,මාතර,රත්නපුර ඇතුලු දිවයිනේ ආපදා තත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ත්‍රිවිධ හමුදාවට පොලීසියට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට උපදෙස් ලබා දුන්නේය. 14 May 2023
පොලිස් යාළුවන්ගේ මුදල් සොරා ගත් පී.සී මාට්ටු පෑලියගොඩ දිසා රථ වාහන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු සතු ඒ. ටී. එම්. කාඩ්පත රහස්‍ය අංකය ද සමග සොරාගෙන රුපියල් 22,000 ක මුදලක් වංචාවෙන් ලබා ගැනීම සහ එම රථ වාහන අංශයේම රාජකාරි කරන තවත් පොලිස් කොස්තාපල්වරයකුගේ රුපියල් 3,800ක් වටිනා ජංගම දුරකථනය හොරා ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලීසිය පවසයි. 14 May 2023
ශ්‍රී ලංකන් රුපියල් බිලියන 165 ගිලලා මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් මිලියන 525 (රුපියල් බිලියන 165ක් පමණ) ක පාඩුවක් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත. 14 May 2023
දකුණට ගංවතුර දිස්ත්‍රික්ක රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත පිරිසක් අපහසුතාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (14) පස්වරුවේ පැවසීය. 14 May 2023
වාරියපොළ ද්විත්ව ඝාතනයේ තොරතුරු එළියට මිනුවන්ගැටේ වල්පාළුව ප්‍රදේශයේ දිය වළක තිබී හමුවූ මල සිරුරු විදුලි සැර වැදීම හේතුවෙන් සිදුවූ මරණ බවට දේහයන් පිළිබදව සිදුකරන ලද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වූ බව වාරියපොල පොලිසිය සදහන් කරයි. 14 May 2023
ජනක ඉවත් කෙරෙන යෝජනාව න්‍යාය පුස්තකයට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 14 May 2023
දරුවන් ලක්ෂ 14 කට උදේ කෑම නෑ ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් දාහතර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බවවෛද්‍ය පර්යේෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 14 May 2023
ජාත්‍යන්තර ගිනිභට දිනය සමරයි ජාත්‍යන්තර ගිනිභට දිනය යෙදී ඇති අද (14) දිනය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සංවිධානය කළ විහේෂ සංදර්ශනයක් අද පෙරවරුවේ කොළඹ 7, නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි. 14 May 2023
බදුල්ල රෝහලට උසස් වීමක් බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 14 May 2023
ඩෙංගු අධි අවධානම් කලාප 13ක් රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබේ. 14 May 2023
විරෝධයට විරෝධය - පින්කමත් කරයි ත්‍රිකුණාමලය නගරසභා ක්‍රිඩාංගණය ඉදිරිපිට පිහිටි පුරාවිද්‍යා භූමිය අසල කුඩාරමක විරෝධතාවයේ යෙදුනු යාපනය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි එස්.ගජේන්ද්ර කුමාර් මහතා ඇතුලු පිරිස පලවාහැරිමට ත්‍රිකුණාමල දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිමිවරුන් ඇතුලු පිරිසක් එම ස්ථානයට ළඟා වෙද්දි පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මන්ත්‍රිවරයා ඇතුලු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කිරීම නිසා සිදුවන්නට ගිය ගැටුමක් වැලැක්වුණි. 14 May 2023
බුම්මා කල්ලියේ කතක් හෙරොයින් සමඟ දැලේ විදෙස් ගතව මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බුම්මා කල්ලියේ ප්‍රධාන සාමාජිකයකුගේ හෙරොයින් සමඟ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 14 May 2023
ජනපති, ජී.එල් එකට තියා කොළඹ සරසවිය සම්මාන දෙයි කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමඟ දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින් සිටින මේ මොහොතේ ඒ සමඟ ඉදිරියට යාමට කොළඹ විශ්වවිද්‍යාලය වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් ඊට සහාය ලබා දීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 May 2023
කුණාටුවකට හසුවූ ධීවරයන් 6 ක් නාවික හමුදාව බේරාගනී බේරුවල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේදී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අනතුරට පත් ධීවරයක් හයක් බේරාගත් බව නාවික හමුදාව පවසයි. 14 May 2023
දෙමළ පක්ෂය උපසම්පදා සැමරුම් පිංකමට විරුද්ධ වේ සියම් දේශයෙන් ශ්‍රි ලංකාවට රැගෙන ආ උපසම්පදා විනය කර්මය ස්ථාපිත කර වසර 270ක් සපිරුනු අද (14) සියම් දේශයෙන් වැඩමවා වදාල භික්ෂුන් වහන්සේලා 50 නමකගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි පුරාවිද්‍යා භූමියේ පැවැත්විමට තිබු සැමරුම් පිංකමක් දෙමල දේශපාලන පක්ෂ විරෝධතා හමුවේ එම වැඩසහටහන අත්හිටුවා ත්‍රිකුණාමලය ජයසුමානාරාම විහාරස්ථානයට වැඩම කිරිමට එම හිමිවරුන්ට සිදුවිය. 14 May 2023
වන අලි පහර කෑ පිය-පුතු රෝහලේ කොස්ලන්ද උඩ දියලුම ඇල්ල රක්ෂිතයේ පෙම්වතුන් යුවලක් කුඩාරමක් තුල රැය පහන් කරමින් සිටියදී පහරදී තරුණියක මරා දැමු වන අලියා ඌව මාවෙලගම ප්‍රදේශයේ දී යතුරුපැදියක යමින් සිටි පිය පුතු දෙපලකටද පහරදීමෙන් පියපුතු දෙපල තුවාල ලබා මොණරාගල සිරිගල රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි . 14 May 2023
පාළු නිවසක සිටි අයෙක් මරා දාලා මුදුන්ගොඩ ප්‍රදේශයේ අත්හැර දමන ලද පාලු නිවසක තනිව නිදා සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු අද |(14)දින කිසියම් පිරිසක් විසින් පොරොවකින් පහරදි ඝාතනය කොට ඇතැයි හුරිගස්වැව පොලිසිය කියයි. 14 May 2023
ලොරි - මෝටර් රථයක ගැටී තුනක් රෝහලට කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ අන්නාසිගලදී අද උදෑසන 7.45 පමණ කොළඹ දෙස සිට ධවනයවූ ලොරි රථයක් හා මහනුවර දෙස සිට ධාවනයේ යෙදුණ මෝටර් රථයක් මුහුණට මුණලා ගැටිමේන් මොටර් රථයේ ගමන්කළ තිදෙනකු තුවාල ලබා කෑගල්ල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කෑගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය. 14 May 2023
සංචාරක හෝටලයේ පළමු මහලෙන් දරුවා බිමට අහුන්ගල්ලේ සංචාරක හෝටලයක පළමු මහලෙන් බිමට වැටුණු දරුවකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුත් කර තිබේ. 14 May 2023
ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට තෑග්ගක් ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක් තෑගි කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 14 May 2023
දැරිය පැන්න හෝටලයට නඩු පාසල් සිසුවියක මියයෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නීතිවිරෝධීව’’ ඉදිකර ඇති බැවින් ඊට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. 14 May 2023
ආයුධ වලින් පහරදී ටික් ටොක් කරලා:8ක් දැලේ යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී පහරදෙන අයුරු වීඩියෝ කොට ටික් ටොක් සමාජ මාධ්‍යට දැමූ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය. 14 May 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026