IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලිට්‍රෝ ගෑස් මිලත් ඉහළට

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 145 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 58 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 26 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  3127ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1256 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 587 දක්වා ද වැඩි වූ බවත් මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 2,982 ක ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1198 ක ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 561 ක ද, පැවතුණි.



අදහස් (4)

ලිට්‍රෝ ගෑස් මිලත් ඉහළට

Nimal Monday, 04 September 2023 03:00 PM

තව හොඳ සෙල්ලම් ඉදිරියට

:       1       5

SAMMonday, 04 September 2023 07:08 PM

ලෝක වෙළෙඳපලේ ගෑස් මිල ඉහළ යාමේදී සහ පහළ යාමේදී ගෑස්මිල ඉහළ යාම සහ පහළ යාම ලංකාවට පමණක් නොව ලෝකයේ සෑම රටකම මේ ආකාරයටම සිදුවේ...!

:       2       2

aravinda Monarawila Monday, 04 September 2023 03:29 PM

තවත් සහන ඉදිරියට ලබාදෙන්න බලාපොරොත්තු වෙමි...

:       1       5

බද්රානි Monday, 04 September 2023 07:55 PM

නියමයි...!! ගෑස්, පෙට්‍රල් පමණක් නොවෙයි සියලුම භාණ්ඩවල මිල තව වැඩි කළයුතුයි.. මම දැක්කා පහුගිය දවස් වල කාලා වැඩිවෙලා ඇඟවල්වල තෙල දාලා දේශපාලන රැස්වීම් වල දේශපාලකයින්ට ආවඩමින් උඩ පැනගෙන දඟලනවා... මේ වගේ මෝඩයින්ව කිරි හොද්දටම බස්සවන්න ඕනා.... අනික කන්න නැතත්, ඉන්න රටක් ඉල්ලපු එවුන්ව පිටරටවල බැල මෙහෙවරකම් කරන්න රට පටවන්න ඕනා... අනික උතුරේ තරගෙට පන්සල් හැදුවාම කන්න නැතත්, හිතට සතුටුයිනේ... අර උතුරේ මදාවියානේ දැන් බුද්ධාගම ආරක්ෂා කරන උතුරේ දායක සභාවේ ප්‍රධාන උපාසක මහත්තයා.. රජයේ රැකියාවල් කළ අය පිනට ගන්න පඩිය වගතුවක් වෙන්නම හොඳ නැහැ.... අද වෙද්දී ලංකාවේ බහුතර සමහරක්ට අමතක වෙලා තියන පාස්කු ප්‍රහාරයේ ලේ වල ශාපය නිහඬව සිටින නුඹලා සැමදෙනා මතම වැටෙනවා..." මැරුණ අය ක්‍රිස්තියානි කාරයෝනේ..." ඒ නිසා ලංකාවේ බොහෝ අයට ඒ ජීවිත අදාලම නැහැ වගේම ඒ ජීවිතවල වටිනාකමකුත් නැහැ... ලංකාවේ ආර්ථිකය පමණක් නොවෙයි, ස්වභාව ධර්මය විසින් නුඹලා සියලු දෙනාම ටිකෙන් ටික විනාශ කිරීමට පටන් අරගෙන හමාරයි. දැන්වත් අමනුස්ස ගති අත්හැර මනුස්සයෝ වගේ ජීවත් වෙන්න උත්සාහ කරපල්ලා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 678 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17804 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 755 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site