
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක
තලංගම ලැගුම් හලකදී මනෝ උපදේශකවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සුජාතා මුණසිංහ මානාභරණ නැමති කාන්තාවකි.
ඝාතනයට ලක්වූ බව කියන කාන්තාව තවත් පිරිමි පුද්ගලයකු සමඟ ඉකුත් 26 වෙනි දින මෙම ලැගුම් හලට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඇය සමඟ ලැගුම්හලට පැමිණි පිරිමි පුද්ගලයා පෙරේදා 3 ලැගුම්හලින් පිටතට ගොස් රාත්‍රී යළිත් පැමිණ ඇති අතර පිටතට ගියා දැයි එහි මුදල් අයකැමිවරයාට නිසි මතකයක් නැතැයි පොලිසිය කියයි.
කාන්තාව පෙනෙන්නට නොසිටීම හේතුවෙන් ලැගුම්හලේ සේවකයන් කාමරයේ දොර කඩා බැලීමේදී කාන්තාව කාමරයේ ඇඳ උඩු ලේ විලක් මැද මැරී සිටින අයුරු දැක පොලිසියට දැනුම් දී ඇත.
ඇයගේ ගමන් බෑගයේ තිබූ ලිපිනයක් ඔස්සේ සිදුකළ පරික්ෂාවේදී එය හපුතලේ ප්‍රදේශයේ ලැගුම්හලකට අයත් එකක් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ කාන්තාව ගේ බවට සිතිය හැකි ඇය විසින් හමුදාවට, පොලිසියට උපදේශන සේවා ලබා දුන් බව සඳහන් ප්‍රවෘත්ති වාර්තා ද ඇය ලැගුම් ගෙන සිටි ලැගුම්හලේ කාමරේ තිබී පොලිසිය මඟින් සොයාගෙන.
ලැගුම්හලේ සීසීටීවී කැමරා ද ක්‍රියා විරහිත වී ඇතැයි පොලිසිය කියයි.
------------------------------------------------------------------------------------------
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන්)
තලංගම ප්‍රදේශයේ හෝටල් කාමරයක තුළ තිබී ගෙලකපා ඝාතනය කළ බවට සැකකරන මනෝවිද්‍යා උපදේශකවරියකගේ මලසිරුරක් අද (4) දහවල් සොයාගත් බව තලංගම පොලිසිය කියයි.
මෙම කාන්තාව බාහිර කථිකාචාර්යවරියක වශයෙන් කටයුතු කරන අතර ඉකුත්(26) දින සිට මෙම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන ඇති බව පොලිසිය කියයි.
ඇය පිළිබඳව පිළිතුරක් නොවූයෙන් හෝටල් සේවකයන් දොර විවෘත කර බැලීමේදී කාන්තාවගේ මළ සිරුර එහි තිබී සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපලනේ තියෙන්නේ. ඕක ගිහින් ජනාධිපතිටයි, ඇමැති මණ්ඩලයටයි, පාර්ලිමේන්තුවටයි පෙන්නන්න...!
රටේ නීතිය බල්ලාට ගිහින්. අධිකරණය, පාර්ලිමේන්තුව, විධායකය යන ඔක්කොම කාලකණ්ණි කරලා ඉවරයි... මේ අමන රැළ... තවත් කතාකරන්නේ නැතිව හිටියොත් අනාගත පරම්පරාවට මොකද වෙන්නේ? රටේ ඉහළම එකාගේ ඉඳලා, ඉහළම පැළැන්තියේ කෙනෙක් නීතිය ගණන් ගන්නේ නෑ...
දෙන්නා එක්ක කාමරේට ගිහින් අලුත් ක්‍රමයට ප්‍රතිකාර කරනකොට වැඩේ පොඩ්ඩක් අවුල් වෙලා
පොලිසියට මනෝ විද්‍යාත්මක උපදෙස් දෙන්නේ විනයක් නොමැති මෙවැනි පුද්ගලයෝ නම් සමහර පොලිස් නිලධාරීන්ගේ හැසිරීම ගැන පුදුම වෙන්න අවශ්‍ය නැහැ.වට නියරත් ගොයම් කෑ නම් කාට කියම්ද මේ අමාරුව ?