(සුජිත් හේවාජුලිගේ )

තල් ගෙඩියේ සාරයෙන්  ප්‍රණීත  තල් වයින් නිෂ්පාදනය   තල් සංවර්ධන මණ්ඩලය විසින් පසුගියදා  ප්‍රථම වරට ආරම්භ කරනු ලැබීය.

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතාගේ මූලිකත්වයෙන් තල් වයින් නිෂ්පාදනය මෙසේ ආරම්භ කෙරුණේ   පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ගේද සහය ඇතිවය.

තල් වයින් ප්‍රථම වරට හඳුන්වාදීමේ  උත්සවය  යාපනයේදී පසුගියදා පැවැත්විණ.

මේ අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු අමුත්තෝ පිරිසක්ද සහභාගිවූහ.

තල් වයින් ඉදිරියේදී ලෝකය පුරා ප්‍රචලිත කරමින් විදේශ විනිමය උපයා ගැනීමට   බලාපොරොත්තු වන බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත  පතිරාජ මහතා පැවසීය.

මීට පෙර හඳුන්වා දුන් තල් අරක්කු සහ  තල්රාද   මේ වනවිට ලෝකය පුරා ජනප්‍රිය වෙමින් පවතින බව  සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.