
(ටී.කේ.ජී.කපිල)
තම ජීවිතයට සිදු වූ විශාල අසාධාරණයක් නිසා මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වන රුපියල් හැට අට ලක්ෂයක් ලබා ගත් ශ්‍රී ලාංකික තරුණිය කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (03) උදෑසන පැමිණ තිබුණි.
ඇය බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි 32 හැවිරිදි තරුණියකි.
කුවේට් රාජ්‍යයේ (Sabah Al Salim City) ගෘහ සේවය සදහා 2022.10.22 දින ගොස් තිබුණේ එරට රාජ්‍ය සේවයේ නිරත සේවකයින් සිටින නිවෙසකටය.
එහිදී එම නිවසේ සිටින මෙම හාම්පුතාගේ 32 හැවිරිදි පුතා විසින් අවස්ථා කීපයක දී මෙම තරුණියට බලහත්කාරකම් සිදු කර ඇති අතර පසුව රෝගාතුරව සිටි මෙම තරුණිය ශ්‍රී ලංකාවට ආපසු එවීම සදහා කුවේට් රාජ්‍යයේ ගුවන් තොටුපොළ වෙත බලහත්කාරකම් සිදු කළ කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් ගෙනැවිත් භාර දී ඇති අතර කුවේට් ගුවන්තොටුපොළ නිලධාරීන් තරුණිය ගෙන් කරුණු විමසා මේ පිළිබඳව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය තානාපති අබ්දුල් හලීම් මහතාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර, භාෂා පරිවර්තක අමීර් හසන් සහ රවුෆ් යන මහත්වරුන් විසින් මෙම තරුණිය ජබරියා හි අල් මුබාරක් රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ඉන්පසුව මෙම සිදුවීම අහමදි අධිකරණය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකික නිලධාරීන්, එරට නීතිවේදීන් සමග මාස 06 ක පමණ කාළයක් දැඩිව ගැටෙමින්, මෙම තරුණිය වෙත කුවේට් ඩිනාර් 6,500 ක් වටිනා රුපියල් ලක්ෂ 68 ක වන්දි මුදල ලබා දීමට කටයුතු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම තරුණියට සිදු වූ ලිංගික අඩන් තේට්ටම සැබවින්ම කණගාටුදායක වුවත්, ඇයගේ පිහිටට ආ තානාපති නිලධාරින් සියලුදෙනා විසින් පෙන්වා දෙනු ලැබූයේ ශ්‍රී ලංකා විදේශ සේවයේ යහපත් මිනිසුන් ද සිටින බවයි...
කරුණාකර මෙම කාන්තාවගේ නම් ගම් හෝ පදිංචි ප්‍රෙද්ශයවත් හෙළි කරන්න එපා. අපේ එවුන් ඒකටත් කෙළියි...
මෙරට තරුන තරුණියන්ට රැකියා මේ රටේදීම නිර්මාණය කිරීමට විදෙස් ආයෝජන ආකර්ශනය කරගන්න.
කරදරයට පත්වන සියලු දෙනාටම ඒ ආකාරයටම උදවු කරන්න
මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල රු ලක්ෂ 68ද? අද මුදලේ ඇති වටිනාකමත් එක්ක බලද්දී ඒක එතරම් ලොකු මුදලක්ද?
ඕවට නීතිය මදි අපේ රජයේ තියන දුර්වලකම .උන්ගේ ගෑනියෙකුට කලානම් පනතියනකම් මරණ දණ්ඩනය
අතවරයකට පත්වෙලා කිසි වන්දියක් නොලැබුණු කෙනෙක් වගේ... ඔයාගේ දුක සාධාරණයි ප්‍රදීප්...
ඔවුන් ස්ත්‍රී දූෂණ කළාට බෙල්ල කපන්නේ නෑ... ෂරියා පිටරැටියන්ට පමණයි...
කුවේට් ඩිනාර් 6500 වන්දිය . ඒ මුදල ලංකාවේ සල්ලි වලින් ලොකු මුදලක් වුනාට කුවේට් රටේ පොඩි මුදලක්. කුවේට් කාරයෙක්ට මාසෙකට හම්බ වෙන මුදල් ප්‍රමාණය ඊට වැඩියි. ලංකාවේ ගෘහ සේවිකාවක් අතින් මොකක් හෝ වුනොත් කස පහර, නැත්නම් බෙල්ල කපලා මරනවා. දැනෙන්න දඩයක් ගහන්න ඕනේ
වල් බලු දේශද්‍රෝහී දේශපාලකයින් රට විනාශ කරපු හින්දයි අද රටේ තරුණයින් ,තරුණියන් වෙන රටවල් වලට ගිහින් දුක් මහන්සි වෙන්නේ . රට ගියපු උදවිය දන්නවා ඒ වේදනාව සහා දුක . රට මේ තත්වයට පත් කරපු වල් බලු දේශද්‍රෝහී දේශපාලකයින්ට ශාප වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
අරාබිකරයෙ තිබෙන තෙල් රටවල් අතුරින් නරකම නූතන වහල් සේවය තිබෙන පළවෙනි රට කුවෙට් රාජ්‍යයයි. ඉතාමත් අල්පයක් ඉතා හොඳින් සලකා වැටුප් ගෙවන කොටසකුත් ඉන්නවා...
හරියට ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල්ස් ගෙනාවා වගේ නේ කතාකරන්නේ .ගෑනු විකුනලා හරි අපේ එවුන්ට විදේශ මුදල්
යකො ජාතියක් හැටියට ලැජ්ජ වෙයව් . අඅරාබියේ දූෂණය උනාට වඩා අපේම රටෙ අපේම මිනිස්සුන්ව දූෂණය කරනවා මේ මාද්‍යවේදියො තමන්ගෙ පව්ලෙ අක්කට නංගිට උනානම් මෙහෙම සල්ලි අරන් සද්ද නැතුව ඉදිද , අරාබියේ කෙල්ලෙක්ට උනානම් බෙල්ල කපලා එවන්නෙ අපෙ රටේ ඉන්න ජනාධිපතිවරයා ඉදන් මාද්‍යවේදියො දක්වා මිනිස්සුන්ගෙ ආත්ම ගරුත්වය විකුනගෙන කන එක තමා කරන්නෙ .. අපෙ මිනිස්සුන්ගෙ ඔලුව හැදුන දවසට මෙ රට කොන්දක් තියෙන රටක් වෙයි. නියම සිංහල රජෙක් බිහිවුන දවසට