
(අංජුල මහික වීරරත්න)
ගොවීන්ට අලුත් තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක් ඇරැඹු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය (ASMP) මෙහෙයවන මෙම වැඩසටහන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද(4) පැවැත්විණි.
මෙම වැඩ පිළිවෙළ යටතේ ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය නව දැනුම, තාක්ෂණික උපක්‍රම, මුල්‍ය පහසුකම් මෙන්ම තම නිෂ්පාදන බෝග සඳහා වෙළෙදපොළ හඳුනාගැනීම පිළිබඳ මුලික පුහුණුවක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ස්ථාපිත කර ඇති තරුණ ගොවි සමාගම් 60 මගින් අදාළ නිෂ්පාදන කටයුතු සිදු කරන අතර, ඔවුන්ට අගයදාම ක්‍රියාවලිය සිදු කිරීම පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාන විකෘති බීජ භාවිතය සහ විශාල ලෙස වස විෂ භාවිතය සඳහා නම් මේ නවීන ක්‍රම..., අනාගතයේ රෝගී පරපුරක් රටට ඉතිරිවෙයි...
බ්‍රේස්ලට් ටිකක්, චුයින්ගම් ටිකක් දුන්න නම් මොඩ් කරලා ගන්න තිබ්බ කට්ටියම...
මේවා උන්ට උගන්වන්න ඕන අපි. ඒත් මේ දේශපාලකයින් හැම දේටම ඇගිලි ගහලා රට කෑවා.