(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුවකු වෙඩි තබා මරා මහකුඹුක්කඩවල කැබ් රථයකින් රැගෙන යමින් සිටි කෝටිපති ව්‍යාපාරිකයකු හා තවත් සැකකරුවන් දෙදෙනකු වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවිය පතොරම් සමග අත් අඩංගුවට ගත්  බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි.

මාදැල් හා ඉස්සන් ගොවිපල හිමි කෝටිපති ව්‍යාපාරිකයකු ඇතුළු සැකකරුවන් දෙදෙනකු ගිනි අවි දෙකක් සමග පලා ගොස් ඇති බවත් මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන බව වනජීවි නිළධාරීන් පවසයි.

වනජීවි නිළධාරීන් දින ගනනාවක සිට පෙත්තිගම රජමහා විහාරස්ථානයෙ කදවුරු බැද  වල් අලි පලවා හැරීම් කරද්දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති කෝටිපති ව්‍යාපාරිකයා හා අනිකුත් සැකකරුවන් දෙදෙනා හා මහවැව තොඩුවාව හා මහකුඹුක්කඩවල පදිංචිකරුවන් බව පදිංචිකරුවන් කියයි.