සැකකරු පොලිසියෙන් පනියි වරෙන්තු කිහිපයකට අදාළව සහ හෙරොයින් මිලිග්‍රෑම් 6400 ක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් තලවතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු මාදිවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි. 16 May 2023
කුස ගින්නේ සිටි දරුවන් තිදෙනෙක් පොලිස් බාරයට කුසට ආහාරක් හෝ ඇඳිවතවත් නොමැතිව ඉතා අනාරක්ෂිත තත්ත්වයේ සිටි බාලවයස්කාර දරුවන් තිදෙනකු සිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි. 16 May 2023
බොරැල්ලේ තරුණයෙක් කපා කොටා දාලා පුද්ගලයන් තිදෙනකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කඩා වැදී එහි සිටි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. 16 May 2023
නෙළුවේ දැරියක් අතුරුදන් නෙලුව මහකන්දවත්ත ලිපිනයේ පදිංචි 7 හැවිරිදි අතුරලිය වික්‍රමගේ ටෙරාෂා පහන්දි නැමැති දැරිය ඊයේ (15) සවස් කාලයේ සිට නිවසේ නොමැති බවට දැරියගේ පියා නෙලුව පොලිසියට පැමිණිලි කර තිබේ. 16 May 2023
අණ නොතැකූ කැබ් රථයට වෙඩි වවුනියාව , ඊච්චන්කුලම , කල්මඩු සාලම්බන් හීදී පොලිස් විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයකු අනතුරට පත් කොට පළායාමට උත්සහා කළ කැබ්රථයකට වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය. 16 May 2023
‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් කරයි මෙරට පැරණිතම බෞද්ධ ගීතයක් වන ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) පැවසීය. 16 May 2023
බන්ධනාගාර රැඳවියෙක් රෝහලෙන් පලා යයි රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියකු රෝහලෙන් පලා ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 16 May 2023
ගණිකා නිවාසයක් වටලා 4 ක් අල්ලයි සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පාදුක්ක සේනානායක මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට විකිණීමේ මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකරු ඇතුලු කාන්තාවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 16 May 2023
සහල් සත්ව ආහාර වලට නොදෙන්න නියෝග 2023 යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර සඳහා දැනට පවතින සහල් තොග නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 16 May 2023
කෝටි 18,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ශ්‍රී ලංකා මහ බැංකුව ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට (17) පැවැත්වීමට සැළසුම් කර ඇති අතර එහිදී රුපියල් කෝටි 18,000 ක භාණ්ඩාගාර බිල්පත් අළෙවි කිරීමට නියමිතය. 16 May 2023
ලුණුගම්වෙහෙර පොළව සෙළවෙයි කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සුළු භූකම්පනයක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසයි. 16 May 2023
මෙරටට එවන්න තිබූ ගංජා කිලෝ 2000 ඉන්දියාවේදී අල්ලයි ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයන් 6 දෙනකු සහ වාහන දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ කීරෙයිතුරෙයි පොලිසිය පවසා සිටියි. 16 May 2023
කුවේටයෙන් පිටුවහල් කළ 32ක් දිවයිනට කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් ,එරට නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව එරට රැදී සිටියදී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ 32 දෙනෙක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ආහ. 16 May 2023
වල් අලි රංචුවක් මහ දවල් මහවිලච්චියට පනිති මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිඹුල් වැව, ආනන්ද විද්‍යාල භූමිය ආසන්නයට වල් අලි 50ක ගෙන් සමන්විත රංචුවක් කඩා වැදීම හේතුවෙන් එහි අවට ගම්මාන 6ක වැසියන් දැඩි භීතියට මෙන්ම නොසන්සුන් තාවයට පත් වූහ. 16 May 2023
අද දවසේ වැස්ස අඩු වේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 May 2023
‘‘ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුයි‘‘ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ සියයට 3 කින් හැකිලෙනු ඇතැයි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 16 May 2023
පිය - පුතු දෙපළට වෙඩි,-පියා මරුට:පුතාට තුවාල යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පියට සහ පුතාට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පියා මියගොස් පුතා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 16 May 2023
මහර බන්ධනාගාර කැරැල්ලට වගකිව යුතු රැඳවියන් අධිකරණයට ‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාර රැඳවියන් පැවැත්වු විරෝධතාවයේදී නිලධාරීන්ට පහර දුන් සහ බන්ධනාගාරයට හානි කළ රැඳවියන් 63 දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා රහස් පොලිසියට නියම කළේය. 15 May 2023
බන්ධනාගාර ලොක්කෝ ඉහළ අධිකරණයකට යන්න සැරසේ? ‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලමින් මහර හිටපු බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු බන්ධනාගර නිලධාරීන් ඉහළ අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 15 May 2023
ලියාපදිංචි අපරාධකරුවෙක් මාට්ටු සොරකම් නඩු 11 සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු 11 ක් ලබා සිටි පුද්ගලයකු හොරණ නගරයේදී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 15 May 2023
කල්ඉකුත් වූ බියර් කෑන් ගම්පහින් අල්ලයි ගම්පහ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක විකිණීමට තබා තිබූ කල්ඉකුත් වූ බියර් ටින් 22 ක් අත්අඩංගුවට ගත් බවත් එම නඩු භාණ්ඩ සහ එම සුපිරි වෙළෙඳසැලේ ප්‍රධානියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. 15 May 2023
පියාගේ මන්න පහරින් පුතා මරුට ඉදුරුව ඇටවලවත්ත එස්. ඕ. එස්. සුනාමි ගම්මානයේ දී පිය පුතු අතර ඇති වූ ගැටුමක් අතර තුර පියා එල්ල කළ පිහි පහරකින් පුතා මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි. 15 May 2023
සංචාරකයකුගේ මුදල් සොරාගත් තරුණයෙක් මාට්ටු වස්කඩුව සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටී විදේශීකයකුගේ මුදල් සොරකම් කළ පුද්ගලයකු අද (15) පස්වරුවේ අත්අඩංගුවට ගත් කළුතර උතුර පොලිසිය පවසයි. 15 May 2023
දුම්රිය අංගනයට පැන්න හොරුන් වෙඩි තබා මෙල්ල කරති දුම්රිය දෙපාර්තමේන්තුව සතු දෙමටගොඩ ධාවනාගාරයට ඇතුළු වූ සොරුන් තිදෙදෙනකු අහසට වෙඩි තබා මෙල්ල කර අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශ කියයි. එක් හොරෙකු පැන ගොස් ඇත. 15 May 2023
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන කොමිසමට විදුලිබල මණ්ඩලය ලබන ජුලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව සකස් කළ විදුලි ගාස්තු යෝජනාව අද (15) පස්වරුවේ මහජන උපයෝගීතා කොමිසමට භාරදුන් බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 15 May 2023
පළාත් තුනක ආණ්ඩුකාරවරු ඉවතට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් අද (15) සිට ඉවත් කර තිබේ. 15 May 2023
පොල්ගවෙල - පොතුහැර අතරදී රේල් බසයක් පීලි පනී පොල්ගවෙල සහ පොතුහැර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ධාවනය වෙමින් තිබූ රේල් බස් රථය අද (15) පස්වරුවේ පීලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 15 May 2023
පැලෑන දුම්රිය හරස් මගට ගමෙන් ගේට්ටුවක් වැලිගම පැලෑන මහ ගෙදරවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා ගමනා ගමනයේදී සිදුවන අනතුරුවලින් ජීවිත ආරක්ෂා කර ගැනීමෙි අරමුණින් ගම්වාසීන්ගේ පෞද්ගලික ධනයෙන් දුම්රිය ගේට්ටු මුරකරුවකු යෙදීමේ ගම්වාසීහු කටයුතු කළහ. 15 May 2023
බුදුන්ට අපහාස කළ දේවගැති ගැන පරීක්ෂණයක් දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. 15 May 2023
කළුතර වෙරළේ පෙම්ට පොලිසිය හරස් වේ කළුතර ගඟ අසල, මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර රැදී සිටි තරුණ ජෝඩු 13 ක් අත්අඩංගුවට ගෙන ඇත. 15 May 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026