
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය සිකුරාදා (01) සිට සේවයට වාර්තා නොකිරීම නිසා රෝහලේ ශල්‍යාගාරවල සහ දැඩි සත්කාර ඒකකයේ වැඩ අඩාල වී ඇති බව රෝහල් බලධාරීහු පවසති.
යු.ටී. නානායක්කාර නම්වු මෙම වෛද්‍යවරියගේ පියා යැයි පවසමින් යම් පුද්ගලයකු අද දහවල් රෝහල් බලධාරීන්ට වට්ස්ඇප් මගින් ලිපියක් එවමින් ඇය නැවත සේවයට නොඑන බව දන්වා ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
නිර්වින්දන වෛද්‍යවරිය සේවයට නොපැමිණිම නිසා ප්‍රධාන ශල්‍යාගාර දෙකක සහ දැඩි සත්කාර ඒකකයක කටයුතු සම්පුර්ණයෙන් ම ඇණහිට ඇති බව ද රෝහල් බලධාරීහූ කියති.
ඇඹිලිපිටිය දිසා මහ රෝහලට නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනකුගේ සේවය අවශ්‍යව ඇති බව රෝහල් බලධාරීහූ කියති.
එසේ තිබියදීත් හිටපු එකම නිර්වින්දන වෛද්‍යවරිය මෙසේ සේවයට වර්තා නොකිරිම නිසා රෝහල් කටයුතු පවත්වාගෙන යාම දැඩි අසීරු කරුණක් බව රෝහල් බලධාරීහූ කියති.
දිනකට නේවාසික රෝගීන් දෙසියකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බව රෝහල් බලධාරීහු කියති. 2022 වසරේදී පමණක් ඇඹිලිපිටිය දිසා මහ රෝහලෙන් සැත්කම් 9144ක් සිදුකර ඇත.
මෙම නිර්වින්දන වෛද්‍යවරිය සේවයට නොපැමිණීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඇය විදෙස්ගත වි ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වි නැති බවද රෝහල් බලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන යන්න ඇත්තේ හාවෙක් වෙන්න ඇති...
වෛද්‍යවරුන්ට නොසලකන රටකට තවදුරටත් සේවය කිරීමෙන් පලක් නොමැති බව ඇය සිතන්නට ඇති.
වෛයිද්‍යවරුන්ට මේ රටේ පහසුකම් නෑ කියලා කොහොමත් කියන්න බෑ .මොකද ඔය හැම කෙනාවම පුද්ගලික ප්‍රතිකාර දීලා ලොකු ගානක් හම්බ කරනවා.ඒවාට ටැක්ස් නෑ .හැබැයි ටැක්ස් ෆ්‍රී පර්මිට් ඇතුළුව විශාල ප්‍රසාද රාශියක් තියනවා මේ කට්ටිය රටට නයයි
මේ තමයි නනදලාල්ට A - ලැබිලා රටට ඉතුරු වුණු දේ. තව දොස්තරලා 5000 පනින්න ලෑස්ති වෙලා ඉන්නේ... එක ඉංජිනේරුවෙක් වත් chartered accountant කෙනෙක්වත් හොයාගන්න බැරිවෙනවා. මිනිස්සු සියදිවි නසා ගන්න ගණන් හිලවු බලලාම එපාවෙලා. මේ මිනිහට දෙන්න තිබී ලොවෙත් නැති AAA මහා බැංකු අධිපති...!
අපේ රටේ බොහොමයක් වෛද්‍යවරු කියන්නේ තවත් එක මාෆියා කල්ලියක් .දැක්කනේ ගිය ආණ්ඩුව කාලේ GMOA එකේ වැඩ ?රටේ එක නීතියක් නැති එක තමයි ඔක්කොටම මුල .ඊළඟ පාරවත් දැක්මක් ඇති නායකයෙක් පත්කරගමු
දැන් සැපද ?
දැන් ඉතින් ලංකාවේ බයියෝ විතරයි ඉතුරු වෙන්නේ.
මේ ලෙස පැනයන හැම කෙනෙක්ම ගන්නේ බුද්ධිමත් තීරණයක්...
රනිල් රාජපක්ෂ රටට හොඳටම කෙරුව තරම පෙනෙනවා මේ නිවුස් වලින්..., අන්තිමට රටට ඉතුරුවෙන්නේ රාජපක්ෂ වික්‍රමසිංහ වලව්වල දන්කුඩ කාලා ජීවත්වෙන එවුන් විතරයි...!