IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බොරු තොරතුරු පනතට වැටෙන වැරදි මෙන්න

(අංජුල මහික වීරරත්න)

අසත්‍යය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරීම් මගින්  සිදුවන හානි වලින්  පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇත.

එම පනත් කෙටුම්පතේ 3 කොටසේ දැක්වෙන පරිදි අර්ථ නිරූපණය කර ඇති වැරදි මෙසේය.

ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ කිරීම,අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම හා නිකරුනේ ප්‍රකෝප කරවීම,අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම,ආගමික හැඟීම් වලට රිද්දවීමේ  ඒකායන චේතනාවෙන් අසත්‍ය  ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන්  සහ ද්වේශසහගත ලෙස අසත්‍ය  ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම ,වංචා කිරීම,අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම,සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතාන්විතව ම නින්දා කිරීම,කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය  ප්‍රකාශයක් සංසරණය කිරීම,හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම,ළමා අපයෝජනය,වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම,

ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. 



අදහස් (4)

බොරු තොරතුරු පනතට වැටෙන වැරදි මෙන්න

Aravinda Monarawila Tuesday, 05 September 2023 01:55 PM

ඔය පනත අනුව මුලින්ම දඩුවම් ලැබෙන්න ඔනා රනිල්ටයි නන්දදලාල්ටයි

:       5       19

Bamunuarachchi Tuesday, 05 September 2023 06:18 PM

රනිල්ට දඬුවම් කළාට දෙමල්ලු, හම්බයෝ හැරෙන්න වෙන කවුරුත් අකැමැති වෙන එකක් නැහැ. ඒත් නන්දලාල් රනිල්ගේ ගොඩට දැම්මාට ඔබ දඬුවම් ලැබිය යුතුයි. බලමු දඬුවම මොකක්ද කියලා.

:       0       2

Perera Wednesday, 06 September 2023 01:23 AM

ඔය වැරැදිවලින් භාගයකට වඩා ආණ්ඩුවනේ කරන්නේ...!

:       0       3

Chamila Fernando Wednesday, 06 September 2023 08:18 PM

ඔය පනත පට්ටපල් බොරු කියලා රටක් රවට්ටන කාලකන්නි දේශපාලුවන්ට වලංගු නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site