
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයන සීමා මේ වසර අවසානයේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද දැනුම් දුන්හ.
වාහන ආනයන සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව කාරක සභාව විමසූ අවස්ථාවේදී ඔවුහු මෙසේ සඳහන් කළහ.
මේ අතර සංක්‍රමණික දීමනාවට පළමු වරට හිමිකම් කියන විශ්‍රාමිකයන් සඳහා සංක්‍රමණික දීමනාව ඇමරිකානු ඩොලර් 30000සිට 50000 ක උපරිමය දක්වා වැඩි කෙරෙන බව එහිදී සඳහන් විය.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (5) රැස්විය.
අංක 2341/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ඇති රෙගුලාසි පිළිබදව අවධානය යොමු කළ කමිටුව ඊට අනුමතිය ලබා දුන්නේය.
තවද 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අංක 2338/40 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයටද අනුමැතිය දුන් බව කාරක සභාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කන්ට වාහන ගේන්න මාස 6 ක් දීලා ආයෙත් වහනවා ඕක.දැන් උන්ගේ වාහන අවුරුදු 5 ක් පැනලා.ඉතින් අලුත් වාහන ගෙන්නන්න ඔය කරන්නේ
ඒ කියන්නේ ඇමතිලා මන්ත්‍රීලා ට සැප වාහන ගේන්න පුළුවන් නමුත් ජනතාවට බැහැ .එහෙම නේද ?
පුද්ගලික වාහන කියන්නෙ? ඒකෙ තේරුම බයික්, කාර් ද?
අනෙකුත් වාහන යනු මැති ඇමැතිවරුන්ට, රාජ්‍ය ආයතනන සහ රජයට භාවිත කිරීමට සීමාවක් නැතිව වාහන ගෙන්වීමට හැකි බවයි? ඒගොල්ලන කොහොමත් දිනුම්?
හොර දේශපාලුවන්ට අලුත් වාහන ඕනේ වෙලා.තියන ඩොලර් ටිකත් ඉවරයිඑතකොට . වාහන ගත්තට පස්සේ ඩොලර් නෑ කියලා ආපහු සීමා පනවනවා.ඊට පස්සේ වහල්ලු ටිකට ඒ වාහන වලට ගිය වියදමුත් ගෙවන්න වෙනවා.වහල්ලු දුක් විඳිනවා.දේශපාලුවෝ සැප විඳිනවා .ඕක තේරුම් ගන්න කවදාවත් මේ රටේ ඉන්න මෝඩ මිනිස්සුන්ට උවමනාවක් නැහැ
ජනගහණය වැඩිවෙනවා වගේ මන්ත්‍රීලාවත්, රජයේ සේවකයෝවත් වැඩිවෙන්නේ නැහැනේ. අනික ඒ දෙගොල්ලන් ගත්තු සහ ගන්න සැප තමයි අපිට කරගන්න වෙලා තියෙන්නේ. නැහීගෙන කාටවත් අතනොපා, බැංකුවලට ණය නොවී, කාටවත් වදයක් නොවී, සාධාරණව සහ මහන්සියෙන් හම්බ කරගෙන ජීවත්වෙන මිනිහෙකුට වාහනයක් ගන්න බැරිනම්, නුඹලාත් තියෙන එව්වා හදාගෙන පාවිච්චි කරපියව්.. කාලකණ්නි හැතිකරේ..
ව්‍යාපාරික, සංචාරක වැනි ක්ෂේත්‍රවලට පමණක් වාහන ගෙන්නන්න ඉඩදෙන්න.