පොලිස්පතිගේ නියෝගයට සීසර්වරු පයින් ගසති කල්බදු සමාගම්වලට ගනු දෙනුකරුවන්ගේ වාහන බලහත්කාරයෙන් අත්පත්කර ගත නොහැකි බවට පොලිස්පතිවරයා නව නීතියක් පනවා තිබයදීත් සීසර්වරුන් නැවතත් පොලිසියේම සහයෙන් වාහන අත්පත්කර ගනිමින් සිටින බව ලීසිං හා ණය වාරික ගෙවන්ගේ සංගමය චෝදනා කරයි. 15 May 2023
ළමා අපයෝජන මඩින්න දැඩි නීති ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීතියක් කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත නියෝග කර තිබේ. 15 May 2023
ඇමති නසීර්ට අලුත් තනතුරක් අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත්විය. 15 May 2023
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් දින 100ක් නවතයි නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අංක 3 ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් සඳහා ලබන ජුනි මස 13 වනදා සිට දින 100 ක කාලයක් සඳහා වසා තබන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 15 May 2023
විභාග දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ට කෝටි 250 පොල්ලක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සසහ සාමාන්‍ය විභාග රාජකාරී කළ ගුරුවරුන්ට විභාග දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 250ක හිඟ මුදලක් ගෙවීමට ඇතැයි වාර්තා වේ. 15 May 2023
’’ජනපති රනිල් පොහොට්ටුවේ සිරකරුවෙක්’’ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ සිරකරුවකු බවට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී අද (15) පැවසීය. 15 May 2023
කළුතර දැරිය ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ් කළුතර පස්මහල් ගොඩනැගිල්ලක තෙවැනි මහලින් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ පසුවන ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිවු දෙනාගෙන් තිදෙනකු මැයි 26 දක්වා යළ රිමාන්ඩ් බාරයේ තබන්නැයි කළුතර මහේස්ත්‍රාත් අද නියෝග කළේය. 15 May 2023
තුනට අරන් දෙකේ ගිහින් දඩ කයි පොල්ගවෙල සිට රත්මලාන දක්වා ධාවනය කෙරෙන ‘ෆවුසි‘ කාර්යාල දුම්රියේ තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍ර වලින් දෙවන පන්තියේ මැදිරිවල ගමන්ගත් මගීන් 45 දෙනකු ප්‍රවේශ පත්‍ර වැරදි සම්බන්ධයෙන් අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි. 15 May 2023
ලංකා සතොස කිරිපිටි - සීනි මිල අඩු කරයි ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර ඇති බවත් නව මිල අද (15) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි. 15 May 2023
කොළඹ මිල්ටරි කඳවුරක් වෙලා කොළඹ නරගය අද වන විට මිලිටරි කඳවුරක් ස්වරූපයට පත්වීම ප්රජාන්ත්වාදී රටකට ගැලපෙන වාතාවරණයක් නොවන බවත් ප්‍රතිත්‍රස්ත පනත ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වූයේ නම් මිලිටරි තත්වය මීට වඩා දස ගුණයකින් වැඩි වන බවත් ’නිදහස් ජනතා සංධානයේ’ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (15) පැවසීය. 15 May 2023
පාඨලී එක්සත් ජනරජ පෙරමුණෙන් එයි එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මස 22 වැනි දින ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. 15 May 2023
ඩෙංගු බෝ කළැයි මුවර්ස් ක්‍රිඩා සමාජයට දඩ කොළඹ 2 , මුත්තයියා පාරේ පිහිටි මුවර්ස් ක්‍රීඩාපිටියේ ඩෙංගු මදුරු කීටයන් බෝවීමට ඉඩ හරින ලදැයි මාලිගාකන්ද අධිකරණයේ වරද පිළිගත් එහි සහකාර කළමනාකරුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය තරයේ අවවාද කර රුපියල් 50,000 ක දඩයක් නියම කළාය. 15 May 2023
ශ්‍රී ලාංකිකයන්ට සිංගප්පූරුවේ හෙද රැකියා ශ්‍රී ලාංකික පුහුණු හෙද හෙදියන්ට සිංගප්පූරුවේ රජයේ රෝහල්වල රැකියා සඳහා යොමු වීමට අවස්ථාව හිමිව තිබේ. 15 May 2023
ඇස් අන්ධ කළ බේත ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කර බෙහෙතක් යෙදීමෙන් පසු දහ දෙනකුගේ ඇස් පෙනීම දුර්වල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන්නේය. 15 May 2023
කොට්ටං අත්තේ එල්ලී සැරයන් දිවි බේරාගනී රාජකාරි නිම කර නිවෙස බලා යමින් සිටි පොලිස් සැරයන්වරයකු අයහපත් කාලගුණය මැද දෙයියන්දර ඕවලාන බෝක්කුව අසල දී ඊයේ (14) සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් ඇති බව දෙයියන්දර පොලිසිය පවසයි. 15 May 2023
මහින්ද හොරෙන් අගමැති වෙන්නේ නෑ මහින්ද රාජපක්ෂ මහතා හොර රහසේ බලහත්කාරයෙන් හමුදා යොදවා අගමැති ධූරයට පත් නොකරන බවත් මහින්ද රාජපක්ෂ යනු ජනතාව වෙනුවෙන් බලය අත්හරීමේ හැකියාව ඇති නායකයෙක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (15) පැවසීය. 15 May 2023
දකුණේ ගංවතුර මට්ටම ඉහළට අධික වර්ෂාවත් ගිංගඟ, නිල්වලා ගඟ පිටාට ගැලීම නිසා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි. 15 May 2023
කටුවන නිවෙසක් අකුණට බිලි කටුවන ප්‍රදේශයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ අකුණු සැර වැදී කිරම ,හග්ගිත කන්දේ නිවසක් ගිණිගෙන විනාශවී ඇතැයි කටුවන පොලිසිය පවසයි. 15 May 2023
පියාගේ ඝාතනය වසර 33කට පසු එළියට මව ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු සමග එක්වී මීට වසර තිස් තුනකට පමණ ඉහතදී පියා ඝාතනය කර සිරුර ගෙවත්තේ පිහිටි වැසිකිළි වළකට දමා සඟවා ඇති බව කියමින් එම කාන්තාවගේ පුතකු ඌරුබොක්ක පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 15 May 2023
‘වීරවංශට එරෙහි නඩුක් වසර 6ක් ගියත් එකම තැන‘ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා වසර 06ක කාලයක් ගතවී ඇතත් මේ දක්වා නඩු විභාගය ආරම්භ කිරීමට නොහැකි වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට අද (15) දැනුම් දුන්නේය. 15 May 2023
ගුවන් ගබඩාවෙන් මැණික් අතුරුදන් ඕස්ට්‍රේලියා සිඩ්නි නුවරට ගුවන් මගින් රැගෙන යාමට තිබූ පාර්සල් වල තිබී මැණික් ගල් 14 සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළේ පාර්සල් ගබඩාවේ සේවය කරන සේවකයන් දෙදෙනකු ඊයේ (14) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපල පොලීසිය පවසයි. 15 May 2023
නාවික හමුදා සහන සැළසීමට සූදානම් අයහපත් කාළගුණික තත්වය හමුවේ ජනතාව පීඩාවට පත්වුහොත් සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කළ බව නාවික හමුදාව පවසයි. 15 May 2023
‘අ‘පුර රෝහලේ පිළිකා වාට්ටුවේ ඉඩ නෑ‘ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිලිකා වාට්ටුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවිම නිසා තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව රෝගිහු පවසති. 15 May 2023
ගංවතුර දකුණේ පාසල් රැසක් වසා තබයි ගංවතුරෙන් බලපෑමට ලක් වූ මොරවක අධ්‍යාපන කලාපයට අයත් පාසල් දෙකක් හැර සෙසු පාසල් සියල්ල සහ මුලටියන අධ්‍යාපන කලාපයේ මුලටියන කොට්ඨාසයට අයත් පාසල් දහයක් හා අකුරැස්ස කලාපයේ පාසල් හතරක් අද දින වසා තැබීමට කටයුතු කළ බව මොරවක සහ මුලටියන සහ අකුරැස්ස අධ්‍යාපන කලාප කාර්යාල පවසයි. 15 May 2023
බස්නාහිර සංවර්ධන සැලැස්මට කැබිනට් අනුකමිටුවක් බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාලව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 May 2023
සැකකරුවෝ අධිකරණයට ගෙන එද්දී විරෝධතාවක් කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවෝ හතරදෙනා අද (15) දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබූහ. 15 May 2023
ඉදිරි මාස හය ඇතුළත සහන පැකේජයක් මෙම වසර අවසන් වීමට ප්‍රථම ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අංශ කිහිපයකින් සහන පැකේජයක් ලබා දීමට රජය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 15 May 2023
යුද හමුදා සෙබළා අදාල නැති දෙයක් කරලා වව්නියාව ගණදෙවි කෝවිලේ තැන්පත් කර තිබූ පිත්තලෙන් සාදා ඇති නටරාජා පිලිමයක් හොරා ගත් බව කියන යුද හමුදා සෙබළකු සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව මූලස්ථාන පොලීසිය පවසයි. 15 May 2023
කායවර්ධන උපදේශක ගෙවල් බිඳලා හොරණ ගල් ඒදඩු ගොඩ දෙමහල් නිවසකට ඇතුළු වී රුපියල් ලක්ෂ දහයකට ආසන්න ඇපල් වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සහ තවත් දේපල රැසක් සොරාගත් කායවර්ධන උපදේශකවරයකු පිලියන්දල දි අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 15 May 2023
අදත් තැනින් තැනට වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 May 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026