(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ගමේ බෙර වාදකයකුගෙන් හා වෙනත් පාසලකින් තාවකාලිකව ඉල්ලා ගන්නා ලද බෙර දෙකකින් පුහුණුවීම් කර සමස්ත ලංකා නර්ථන තරගාවලියෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට මාතර බෙලිදෙනිය මහ විද්‍යාලයේ නර්ථන කණ්ඩායම සමත්ව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කර ඇති සමස්ත ලංකා නර්ථන තරගාවලිය ඉකුත් දා (02) පවත්වා ඇත්තේ ගම්පහ සිද්ධාර්ථ කුමාර විද්‍යාලයේ දීය.

එහිදී 300 ට අඩු පාසල් ඛාණ්ඩයේ සමස්ත ලංකා ශූරතාවය හිමි වී ඇත්තේ පුහුණුවීමට සුදුසු ස්ථානයක්වත් නොමැතිව අවම පහසූකම් යටතේ පුරුදු පුහුණුවීම් ලැබු බෙලිදෙනිය මහ විද්‍යාලය ටය.

ඊට අමතරව නර්ථන විෂය උගන්වන පී.එම්.එන්.එරන්දි මහත්මියගේ නිවසේ මිදුලේ ද තම දරුවන් පුහුණුවීම් කටයුතු සදහා යොදා ගත් බව ඔවුන් කියයි.

පුහුණුවීම් සදහා අවශ්‍ය වාදන භාණ්ඩ නොමැති වු නිසා තලල්ල උතුර විද්‍යාලයෙන් බෙරයක් ද  හල්විටිගල රතන නාහිමියන්ගේ සම්බන්ධීකරණය මත ගමේ බෙර කරුවන්ගෙන් තවත් බෙරය ද ඉල්ලා ගෙන පුරුදු පුහුණු වු බව මාපියන් සදහන් කරයි.