
(නිමන්ති රණසිංහ)
නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20ක් නැවත දැනුම්දෙ නතුරු පැවරීම සහ විකිණීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සිවු දෙනකුට අද (04) නියෝගයක් නිකුත් කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ මාතර, කළුතර, හම්බන්තොට සහ කඩවත යන ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන්ටය.
මෙම සිද්ධියට අදාළ අධ්‍යක්ෂවරයාගේ දේපළවල මුහුණත වටිනාකම රුපියල් කෝටි 62කට අධික වන අතර, ඒවා පිරමීඩ ජාවාරමෙන් උපයාගත් ඒවා බවට හඳුනාගෙන ඇති බැවින් මෙම දේපළ පැවරීම හෝ විකිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20හි සුපිරි හෝටලයක් මෙන්ම නවීන පන්නයේ සුපිරි නිවාස කිහිපයක් ද වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මාතර ප්‍රදේශයේ සුපිරි නිවාස සහ සුපිරි හෝටල් සහිත ඉඩම් 06ක්, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් 02ක්, කඩවත ප්‍රදේශයේ ඉඩම් 02ක් සහ කළුතර ප්‍රදේශයේ ඉඩම් 10ක් මෙලෙස පැවරීම සහ විකිණීම තහනම් කරමින් නියෝග නිකුත් කෙරිණි.
‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අය මෙම ඉඩම් 20 ම සිය බිරිඳ සහ ඥාතීන් වෙත එකම දිනයකදී පැවරීම සිදුකර සිය වංචාව සැඟවීමට උත්සාහ දරා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි රාශියක් ලැබී ඇති බවත් ඉන් පැමිණිලි 10ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
එම පැමිණිලිවලට අනුව පැමිණිලිකරුවන් දෙදෙනකුගෙන් පමණක් රුපියල් කෝටි 5කට අධික මුදලක් මෙම ඡාවාරම්කරුවන් විසින් වංචා කරනු ලැබ ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරමීඩ ජාවාරම්කාරයින් සියළු දෙනාටම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දිය යුතුයි...
නිය පොතු වල ඉදල කෙසාන්තය දක්වා පුච්චන්න ඕන ??? දුප්පත් මිනිස්සුන්ගෙ හිගන ප්‍රාත්‍රය හූරගෙන කනවුන්ට ! නඩුකාර හාමුදුරුවන්ට බොහොම පිං !!ඕවට අහුවුන අසරණ මිනිස්සුන්ට අරගෙන දෙන්න හාමුදුරුවනෙ ???
මහ බැංකු හොරා ,තවම නිදැල්ලේ .පිටරට සවාරිත් යනවා
රැවටී සුවහසක් බොරු කාරයින් හට ,පාඩම් ලබා නැත යුග යුග ගණන් සිට
ලංකාව ජාවාරම්කාරයින්ගේ පාරාදීසයක් .කලින් ජාවාරම්කාරයින් ගැන පුවත් පලවුනාට ඒ අයට දඬුවම් දුන්න පුවතක් නම් තවම දකින්න ලැබුනේ නැහැ
පොඩි මිනිහව කරන්න එපා බන් උන් නැගිටිද්දී ගහලා පාගලා දානවා
අනුන්ගේ මුදල් වලින් සැප විඳින මංකොල්ල කරුවන්ට දඬුවම් දෙන්න
✝️ දේව ගණ = අධික මෛත්‍රිය, උත්කෘෂ්ට ධර්මිෂ්ඨ ස්වභාවය. ලා පැහැති සමක් ඇත... ✝️ මනුෂ්‍ය ගණ = මධ්‍යම ප්‍රමාණයේ ධර්මිෂ්ඨ ස්වභාවයක් ඇත. ලා පැහැති සමක් ඇත... ✝️ රාක්ෂ ගණ = අධර්මිෂ්ඨ ගති ගුණ ඇත. ද්වේශ සහගතය. අඳුරු පැහැති සමක් ඇත...
ලංකාවෙ ඉන්න බුරුවො..උන්ට කොච්චර කිව්වත් මගඩි කාරයන්ට රැවටෙන්න එපා කියල උන් රැවටෙනව...එක නිසාම තමයි හොර තක්කඩි දේශපාලකයො බිහිවෙන්නෙත්, මෙ වගෙ උන් බිහි වන්නෙත්..මම නම් මුලිකවම වර පටන්නෙ ලන්කවෙ ඉන්න බුරුවන්ට. උන්ට හිතන්න මොලයක් නැහැ....උන් හරියට..පහන වටෙ කැරකෙන මැස්සො වගේ. කාලකන්නි.
මේවාට අහුවෙන බොහෝ දෙනාගේ පරමාර්ථය ක්ෂණිකව මුදල් හම්බ කිරීමයි. ඒ අය දැන් අත් විඳින්නේ ඒවායේ ඵලවිපාකයි.