(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
නීතියට පටහැනිව තමන් නැගෙනහිර පළාතට මාරු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
මෙම පෙත්සම එස්.තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ ඒ.එච්.එම් නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය කියා සිටියේ මෙම මාරුවීම පොලිස් කොමිසම විසින් ඒකමතිකව සිදු කර ඇති බවත් පෙත්සම්කරු සමග මාරුවීම් සිදුකළ නියෝජ්‍ය පොලිස්පතිවරු 7 දෙනෙකු මේ පිළිබඳ කිසිඳු අභියෝගයක් කර නොමැති බවත්ය. ඒ හේතුවෙන් මෙම පෙත්සම ඉවත දමන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය ඉල්ලා සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය මගින් පුම්බවා ගත් බැලුමක අවසානයේ හුළං ගොස් ඇත . අනුන්ට වලවල් කප කපා යාමේදී තමන්ද එම වලක වැටීමට ඉඩ ඇති බව සෑම කෙනෙක්ම මතක තබාගැනීම මැනවි .
රම්පෙ කරපිංචා වගේ
මහජනතාව වෙනුවට හොරුන්ට කඩේ ගියාම ලැබෙන දේ වලින් ටිකක්
ඉතින් කොහෙද බන් සාධාරනේ බලාපොරොත්තු වෙන්නේ? ඒකමතිකව කලාම අයිතිවාසිකම් කඩ වෙන් නැද්ද? අනික අනිත් උන් හත් දෙනා නිදාගෙන හිටියා කියලා මේ මනුස්සයාගේ අයිතිවාසිකමුත් කඩවෙන්න දෙන්න ඕනෙද? ලකේ පංකාවේ නීති සහ විනිශ්ච්‍යකාරයෝ ගැන හරිම සතුටුයි. හෙට අනිද්දා අර ඔන්මැක්ස් පිරමීඩ ජාවරමට අහුවෙච්ච උන්ටත් කියයි ඔන්මැක්ස් එකේ උන් ඒකමතිකව තමා ඒක කරලා තියෙන්නේ සහා දාස් ගානක් ඔන්මැක්ස් එකට විරුද්දව පැමිණිලි කරලා නැති නිසා ඒ නඩුවත් විභාග කරන්න බැරිය කියලා.
ඔව් ඉතින් දේශබන්දුව ආරක්ෂා කරන්න ඕන නේ