
(අංජුල මහික වීරරත්න)
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන අප්‍රිකානු දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා එහි ගොස් සිටින දේශගුණික විපර්යාස පිළිඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඊජිප්තු අගමැති මුස්තාපා මැඩිබොව්ලි මහතා හමුවී සාකච්ඡා කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම සමුළුවට සහභාගී වී සිටින රුවන් විජයවර්ධන මහතා ඊජිප්තු අගමැතිවරයා සමඟ දෙරට අතර වෙළෙද හා දේශගුණික විපර්යාස පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
දේශගුණික විපර්යාස අවම කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග ගැනද රුවන් විජයවර්ධන මහතා මෙහිදි ඊජිප්තු අගමැතිවරයා දැනුම්වත් කර ඇත.
එසේම දෙරට අතර වෙළෙද කටයුතු වර්ධනය කර ගැනීම ගැනද මෙහිදී අදහස් හුවමාරුවී තිබේ. කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කනා කනනාතන් මහතා ද මෙම හමුවට සහභාගී විය.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුවන් ඊජිප්තු අගමැති හමුවෙයි