(මනෝප්‍රිය ගුණසේකර)
අන්තර්ජාතික යුක්ති සංසඳය සූම් තාක්ෂණය ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැත්වු රැස්වීමකදී මීගමුව සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිරිල් ගාමිණී පියතුමා ඉදිරිපත් කළ කරුණුවලින් තමාට පමණක් නොව තම දරුවන්ටද අගතියක් වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා හමුවේ සාක්කි දෙමින් පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වු රැස්වීමකදී පියතුමා ඉදිරිපත් කළ කරුණුවලින් සිය කීර්තිනාමයට හා රාජකාරී දිවියට අගතියක් වූයේ යැයිද සිය දරුවා පාසලෙන් ඉවත් කරගැනීමට පවා සිදුවුයේ යැයිද සුරේෂ් සලේ මහතා වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා නම් කොට ඇත'
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශීය සහ අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා අන්තර්ජාතික යුක්ති සංසඳය විසින් 2021 ඔක්තෝම්බර් 23 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වු සම්මන්ත්‍රණයකදී තමන් සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ඉදිරිපත් කොට ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු ඉන් තමන්ට සිදුවු අපහාසයට සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාගෙන් රුපියල් මිලියන 30ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලීමක් කොට ඇත.
පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකාර මීගමුව සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිරිල් ගාමිණී පියතුමාද අධිකරණයේ පෙනී සිටියේය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පහන් වීරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කිදුන් සුරේෂ් සලේ මහතා තමන් වසර 36ක කාලයක් සේවය කොට ඇතැයිද තමා දරු දෙදෙනකුගේ පියකු යැයිද තම පවුලේ සහෝදරයන් සිව්දෙනාගෙන් තිදෙනෙක්ම රට වෙනුවෙන් හමුදාවේ සේවය කොට අතපය පවා දන් දී ඇතැයිද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනීමරු තක්කඩි කෙරුමුන්ගේ කෙරුවාවල් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව හෙට අනිද්දා එළියට දාපුවාම ඔය තප්පුලන කාගේ කාගේත් රෙදි ගැලවෙයි... ලංකාවේ නීතියෙන් ගැල වුණත් විශ්ව ධර්මයෙන් මේ මිනීමරුවන්ට ගැලවීමක් නැහැ... පරම්පරා ගානකට, සසර වසන තුරාවටම ශාප වේවා!!!
රාජපක්ෂ පවුල මොන තරම් අපරාධකරුවන්ද කියල හෙට අනිද්දා ලෝකය දැන ගනියි. එතකොටත් උන්පස්සේ යනව නම් ඒ කාලකන්නින්ට දෙන්න ඕන මරණීය දණ්ඩනය පමණයි....
රාජපක්ෂලා මහමොලකරුගේ සැලැස්ම ක්‍රියාවට නැංවූයේ මේ හාදයයි දේශබන්දුයි
පාසල් කාලයේ සිටම ඉතාම විනීත දක්ෂ සිසුවෙක්.මා ගේ පන්තියේ රිස්වි සලේ ගේ සොහොයුරා .සුරේෂ් මේ රටට කළ සේවය අති විශාලයි සලේ පවුලම දේශප්‍රේමීන් .ඔවුන්ට මඩ ගසන්නේ මුග්දයන්
තම දේශපාලන අද බාලකම නිසා චැනල් 4 වැනි දුෂ්ට එසේම මිලට ගත හැකි මාධ්‍යවල මුදල් ගෙවා පල කරන දේ දේව වාක්‍ය සේ විශ්වාස අමන පිරිසක් සිටීම රටේ අවාසනාවකි. මෙම සාහසික උත්සාහට සිදු වන්නේත් "කිලින්ග් ෆීල්ඩ්" මඩ ගොහොරුවට වූ දේමය.
රාජපක්ෂ යි වහල්ලුන්ට දැන් සැප ද ?කෝ බමුණුආරච්චි කොරෝනා හැදිලද ?