
(ක්‍රිෂාන් ජිවක ජයරුක්)
අපොස උසස් පෙල 2022 විභාගයේ ජිවි විද්‍යා අංශයේ දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගැනිමට මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණි මුණසිංහ සිසුවිය සමත් වූවාය.
ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන් දෙවන ස්ථාන දිනාගැනිමට මාතර සුජාතා දියණියක සමත් වුවාය. ඇය නුපේ පදිංචි එස්.එම්.පී ලෙමාෂා උදයන්ගනීය
පමුදිට ජීව විද්‍යා අංශයෙන් පළමු තැන ලැබද්දේ ඇගේ හොඳම මිතුරිය වූ ලෙමාෂා දිවයිනෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත්වීම පාසල ලැබූ විශාල ජයග්‍රාහණයකි
ඔවුන් දෙදෙනාම එකට පාසල් ගිය එකම පන්තියයේ අඹයාළුවෝය. එකමට අධ්‍යාපන කටයුතු ද සිදු කළාය.
ජයග්‍රහණය ගැන අදහස් දැක් වූ ප්‍රමුදි භාෂණි මෙසේ කීවාය.
“මුල සිටම ඉලක්කයකට අනුව වැඩ කළා.පාසලෙන් හා ටියුෂන් අධ්‍යාපනයෙන් විෂය නිර්දේශය ආවරණය කර ගත්තා.පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලම පාහේ සොයා ගෙන අධ්‍යයනය කළා.ඒ තුලින් මට මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා.
මාතර වැවහමන්දුව සූරච්චිය පාර තුන් වන පටු මගේ පදිංචි ප්‍රමුදි ගේ පියා සමන් තිලක් මුණසිංහ (55) මහතාය. ඔහු අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේ පර්යේෂණ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක වරයාවේ.
ප්‍රමුදි ගේ මව ඉන්දික සමන්තිනි නරසිංහ (50) මහත්මිය මාතර කෘෂිකර්ම කාර්යාලයේ කෘෂිකර්ම උපදේශිකාවකි.
ඇගේ එකම නැගණිය වන චමිදි ඕෂණි මුණසිංහ (18) සුජාතා විද්‍යාලයේම ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන අතර ලබන වසරේ දී විභාගයට මුහුණ දීමට සූදානමින් සිටී.
සුජාතා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක ද වන ප්‍රමුදි භාෂණි මුණසිංහ සිසුවිය තම ජයග්‍රහණය පිළිබඳව වැඩිදුරටත් මෙසේද කීවාය.
“මම මුල සිටම ඉලක්කයකට අනුව විභාගයට මුහුණ දුන්නා.විභාගය කිට්ටු වන විට විභාගයට අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කර ගෙන තීබුණා.ඒ නීසා කලබලයක් නැතිව සැහැල්ලු මනසකින් විභාගයට මුහුණ දුන්නා.
මම හිතුවේ නෑ මේ තරම් ජයග්‍රහණයක්. මගේ ඉලක්කය වුනේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමටයි.අද අම්මා ගෙදර ආවට පස්සෙයි මම ජංගම දුරකතනයෙන් මගේ විභාග ප්‍රතිඵලය බැලුවේ. ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පලවැනියා කියලා දැන ගත්තම මට ලොකු සතුටක් දැණුනා.
මම ශිෂ්‍යත්වය විභාගය ද ලකුණු 179 ක් අර ගෙන සමත් වුණා.සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ 9 ක් ලබා ගෙන මාතර දිස්ත්‍රික්කයෙන් අට වැනියා බවට පත් වුණා.පාසලේ බාලදක්ෂ වලට අමතරව චෙස් ක්‍රීඩාව ද සිදු කලා.සිංහල භාෂා දීන තරග වලට හා ඔලිම්පියාඩ් තරග වලට සහභාගී වී ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙල් ඩන්
සුභ පැතුම් පුතා හොඳින් කළා. දිගටම යන්න
සමහර දරුවන් හෑන්ඩ් එකට ඇබ්බැහි වෙලා ඉන්න මේ කාලේ ඔබේ ජයග්‍රහණය ප්‍රසංසනීයයි
සුබපැතුම්...!