(ඉන්දිකා රාමනායක)

උණ රෝගය උත්සන්න වීමෙන් යාපනය රෝහලට ඇතුළත් කළ 8 හැවිරිදි දැරියකට බෙහෙතක් ලබා දී ඇගේ වම් අතෙහි මැණික් කටු⁣වෙන් පහළ කොටස ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පියා යාපනය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මෙම දැරිය උණ රෝගය හේතුවෙන් ඉකුත් 25 දින යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇති අතර එහිදී ඇයට බෙහෙත් වර්ගයක් ලබා දී ඇති ඇගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

එම දැරියට බෙහෙත් වර්ගය ලබාදීමෙන් අනතුරුව දැරියගේ වම් අතේ මැණික් කොටුවෙන් පහළ කොටස ශල්‍යකර්මයකින් ඉවත් කර ඇති බව දැරියගේ පියාගේ  පොලිසියට පැමිණිලි කර ඇත.