
(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 145 කින් ඉහළ දැමීමට පියවර ගත් බව එම සමාගම අද (4) පස්වරුවේ නිවේදනය කළේය.
එම මිල ඉහළ දැමීමත් සමඟ කිලෝ 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,835 ක් බවට පත්වූ බව එම සමාගම සඳහන් කළේය.
ලාෆ් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 59 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 1,535 ක් බවට ද, ඉහළ ගියේය. ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම මිල ඉහළ දැමීම කළ බව ද ලාෆ් ගෑස් සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම ගෑස් කොම්පැනියක් තිබුනම ඒකාධිකාරයක් ඇතිවෙනවා කියලා අලුත් එකක් සදහා අවසරය දුන්නා උන්දැලා හිටපු එකාලටත් අන්ත දූෂිතයි කියලා පේනවා ගෑස් විතරක් නොවෙයි ඉන්ධන ගැනත් කියන්න තියෙන්නෙ ඒකම තමයි මෙහෙම වෙනකොට මෙහෙම හිතෙනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාරයෙන් ඇමතිවරයා හා ලේකම් සදහා මාසිකව දීමනා ලැබෙනවා පුද්ගලික අංශයට දුන්නම අමතරව බලපත්‍ර ගාස්තුව මාසිකව කොමිස් සමග ගන්න පුළුවන් වෙනවා. ඒක නේද ඇත්ත. ඒත් රජයේ සම්බන්ධයෙන් තොරව පවතින සමහර සුපිරි වෙළඳ සැල්වලින් නම් පාරිභෝගිකයන්ට සහනයක් වෙනවා ඔවුන් රජයට ආදායම් බදු ගෙවනවා ඇති. ඒත් රජයේ ආයතන ඔහෝවිට පාඩුවක් ලබනවා කියන්න පුළුවන්