
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන්පොදු ගමනක් යාම අරමුණ කර ගෙන අත්වැල් බැඳ ගත්තේය.
කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායකවරයා හමු වූ නවරත්න මහතා ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් සහයෝගය පළ කරන බව ප්‍රකාශ කළේයකරයි කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ මහතා පසුගිය මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.
අසංක නවරත්න මහතා සමග ඔහුගේ ක්‍රියාකාරීන් පිරිසක්ද විපක්ෂ නායකවරයා හමුවී සහයෝගය පළ කළේය.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කෝම එකතුවෙලා ජනතාව රවටන්න ඩීල් දාපල්ලා. මෙදා පාර කම්බහොරු 225 ගෙදර යවනවා එකාන්තයි. රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ අය නෙමෙයි කියලා මතක තියාගත්තොත් හොඳයි.
තකට තක ..... ඩලස් ගොඩ මේ වගේ ඩීල් කාරයෝ අයින් වෙන එකමයි හොඳ.
පොහොට්ටුවේ එවුන් සජබේ .සජබේ එවුන් පොහොට්ටුවේ .සජබෙත් එකයි පොහොට්ටුවත් එකයි
මුන්ගේ දේශපාලන අටමගල බලෙන් මිනිස්සුන්ගේ ඔලුවට දාන්න එපෝ...
ඔහොම යන්
හාල් කෑල්ලක්... යන එන මං නැති වෙච්චි කෙනෙක් . මිටි නිසා කම්කරු රැකියාවක් සජිත් දෙයි...