අද වැස්සෙ තත්ත්වය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 July 2023
හොර පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව නීති විරෝධීව දෙහිවල මල්වත්ත පාරේ පවත්වාගෙන ගිය බව කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලා එහි රඳවා පුද්ගලයින් 34 දෙනකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 15 July 2023
මුජිබර් යළි මන්ත්‍රීකම ඉල්ලයි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම මන්ත්‍රී ධුරය යළි ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර ඇත. 15 July 2023
බෙහෙත් කුප්පිය, දැරිය මරා දමයි අකුරැස්ස මාකදුර තලහගම ප්‍රදේශයේ අවුරුදු එක හමාරක පමණ කුඩා දැරියක බොහෙත් කුප්පියක් උගුරේ සිරවී ආදපාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 15 July 2023
ජපන් රැකියා ජාවාරමක් කළ පී.සී අත්අඩංගුවට ජපන් රටේ රැකියා ලබාදෙන බව කියමින් පුද්ගලයන් රැසක් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළැයි කියන අගලවත්ත පොලීසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය කියයි. 15 July 2023
යුක්රේන ඝාතන සැලැස්මක් රුසියාව වළක්වයි රුසියන් ටුඩේ පුවත් සේවයේ ප්‍රධාන කතෘ මාධ්‍යවේදිනී මාගරීටා සිමොන්යන් ඝාතනය කිරීමේ යුක්රේන බුද්ධි අංශ සැලැසුම සාර්ථකව වැළැක්වීමට සමත් වූ බවත් රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කර ඇත. 15 July 2023
ගුවන්තොටුපොළ කටයුතුවලට පෞද්ගලික අංශයටත් ඉඩ ගුවන් තොටුපලවල ගොඩබිම් හැසිරවීම, ආහාර සැපයීම සහ ජෙට් ඉන්ධන සැපයීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව පුද්ගලික අංශයට ඇතුළු වීමට ඉඩ ලබා දීමට තීරණය කර ඇතැයි ෂින්හුවා පුවත් සේවය වාර්තා කර ඇත. 15 July 2023
ශ්‍රීලන්කන් විකුණනවා කීවත් ගන්න කවුරුත් නෑ දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 15 July 2023
ශ්‍රී ලංකාවේ පළමු කෘතීම වෙරළ තීරය විවෘත කෙරේ කොළඹ පෝට්සිටිහිදී ශ්‍රී ලංකාවේ පළමු කෘතීම වෙරළ තීරය අද ( 15 ) විවෘත කළේය. මෙම කෘතීම වෙරළතීරය නැරඹීමට මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයන්ටද අද සිට නොමිළේ අවස්තාව හිමිවේ. 15 July 2023
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදේශීය නියමුවන්? සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් ශ්‍රී ලංකන් ගුවන් සේවය විදේශිය ගුවන් නියමුවන් බඳවා ගෙන හෝ ඉදිරියට පවත්වාගෙන යන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 15 July 2023
රේල් පීලි සොරකමේ ආ තාවකාලික රථය දුම්රියක ගැටෙයි අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී රේල් පීලි සොරකම යෙදී සිටි පුද්ගලයන් ඒ සඳහා යොදාගත් තාවකාලික රථය දුම්රියක ගැටීමෙන් එම දුම්රියට හානි සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 15 July 2023
බදුල්ල - කොළඹ බසය උඩුවරදී පෙරළෙයි බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ මගී පෞද්ගලික බසයක් නිවෙසක් මතට පෙරළීමෙන් එහි ගමන් ගත් 25 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 15 July 2023
’’විපක්ෂයේ විරෝධය අමු පිස්සුවක් ’’ රටේ ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිධූරය තමාට හිමිවීම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය පළ කිරීම අමු පිස්සුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ විරෝධය පළ කරන දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇත. 15 July 2023
කොළඹ අඩුආදායම් ලාභීන්ට මහල් නිවාස සංකීර්ණ 6ක් කොළඹ දිස්ත්‍රිකක්යේ අඩු අදායම් ලාභීන් සහ අවදානමට ලක්ව ඇති මහල් නිවාසවල පදිංචිකරුවන් සඳහා මහල් නිවාස සංකීර්ණ 6 ක් ඉදිකරමින් පවතින බවත් එම මහල් නිවාස සංකීර්ණවල නිවාස 4,000 කට අධික සංඛ්‍යාවක් ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 15 July 2023
උසාවි භූමියේ තිබූ මෝටර් රථයේ කෑලි ගලවලා නඩු භාණ්ඩයක් වශයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නතර කර තිබූ මෝටර් රථයක උපාංග කිසිවකු විසින් ගලවාගෙන ගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. 15 July 2023
සාමාන්‍ය ඉතුරුම්වල පොලිය නැවතත් සියයට 3 ට බසී ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන් වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 2.5 ත් 3.5 ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබේ. 15 July 2023
‘සිනොපෙක්’ වැඩ අරඹයි ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කර ව්‍යාපාර කිරීම සඳහා චීනයේ ‘සිනොපෙක්’ සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට අස්සන් තැබීය. 15 July 2023
සැප්තැම්බරයේ ආනයන දොර ඇරෙයි ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර තිබේ. 15 July 2023
පළාත් තුනකට, දිසා හතරකට පුංචි වැස්සක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 July 2023
සටන් කර රටම රනින් බබළවයි ආසියානු සටන් කළා ශූරතා - 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. 15 July 2023
ඉන්දියාව සමඟ ගිවිසුම් පහක් අත්සන් කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිතය. 15 July 2023
පදවිප්‍රාප්ති උත්සව තහනම් කරයි ජනාධිපති ධූරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 15 July 2023
රනිල් එජාපයේ බලය විමධ්‍යගත කරයි අනාගත නායකයන් බිහි කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් (High post committee) පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 15 July 2023
පොලිස්පති සී.ඩී ට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලබාදුන් මාස 03 ක සේවා දිගුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබ ඇත. 14 July 2023
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයෙක් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා පත් කර ඇති බව හමුදාව පවසයි. 14 July 2023
කුඩ්ඩෝ ‘කල්‍යාණි රන් පිවිසුම’ වනසති නව කැලණි පාලමේ උපාංග ඇතැම් පුද්ගලයන් ගලවාගෙන යෑම නිසා එහි සුවිශේෂී ආලෝක පද්ධතිය ක්‍රියාත්මක කළ නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් රුපියල් කෝටි දෙකහමාරක අලාභයක් වී ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඒල්. වී. එස්. වීරකෝන් මහතා පැවසීය. 14 July 2023
ඉන්දියාවටත් උගන්වන්න අලුත් වැඩසටහනක් හදයි අනාගත අභියෝගවලට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 14 July 2023
මන්ත්‍රී සෙල්වරාසා ඇතුළු පිරිසක් කුරුන්දි විහාරයට කඩා පනිති දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සහ හිංදු ආගමික නායකයන් ඇතුළු පිරිසක් මුලතිව් කුරුඳුමලේ විහාර භූමියේ පොංගල් උත්සවයක් පැවැත්වීමට ගත් උත්සහයක් මුලතිව් පොලිස් නිලධාරීන් වැළැක්වීමත් සමඟ දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්වයක් ඇති විය. 14 July 2023
ජෙරම්ගේ ‘මිරකල් ඩෝම්’ ගැන විමර්ශනයක් ආගම් අතර සංහිඳියාව බිඳ දැමීම සඳහා ක්‍රියා කළැයි කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු යන අයට අයත් කටුනායක පිහිටි ‘මිරකල් ඩෝම්’ නමැති දේශන ශාලාව ඉදිකිරීම සදහා රුපියල් කෝටි 250කට අධික මුදලක් වැය කර ඇති බවත්, එය ඉදිකිරීම සඳහා වැයවූ මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (14) කරුණු වාර්තා කර ඇත. 14 July 2023
අනුරාධපුර-කිලිනොච්චි-යාපනයේ ‘පඬු කරඳ’ ශාක රෝපණය කරයි නවීකරණය කළ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන නැවත ආරම්භ කිරීමට සමගාමීව අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පැවැති සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ‘පඬු කරඳ’ ශාකයක් රෝපණය කළේය. 14 July 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026