
(අමදෝරු අමරජීව)
මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් අටක නේවාසික රෝගින්ට වියලි ආහාර සැපයිම වෙනුවෙන් ගෙවි ගිය මාස හතරක කාලයක් සදහා ලැබිය යුතු මුදල් ඉල්ලා සැපයුම්කරුවෝ තිදෙනෙක් ත්‍රිකුණාමලයේ පිහිටි පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ විරෝධතාවයක් ආරම්භ කළහ.
මින් එක් සැපයුම්කරැවෙකුට රුපියල් මිලියන 15 ක්ද තවත් සැපයුම්කරුවකුට රැපියල් මිලියන හයක්ද ඉතිරි සැපයුම්කරුට රැපියල් මිලියනයක්ද මෙලෙස ගෙවිය යුතු බව සැපයුම්කරුවෝ පැවැසුහ.
තමන්ට මෙම මුදල් ලැබෙන තෙක් විරෝධය අත් නොහරින බවද එම සැපයුම්කරුවෝ ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් කළ විමසුතට පිළිතුරු දුන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පැවැසුවේ මුදල් නොලැබිමේ ප්‍රශ්නය විසදා ගත යුත්තේ මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සමග බවයි.
ගිවිස ගත් කොන්ත්‍රාත් මුදලට පිටින් කටයුතු කළ නිසා මේ අර්බුදය ඇතිවි ඇති බවත් එයට වගකිව යුත්තේ මඩකලපුව ප්‍ර්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බව පළත් අධ්‍යක්ෂවරයා කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඨින පිංකම්වල කප්රුකේත් අපි සල්ලි එල්ලනවා. මේකත් ෂෝක්. පරිප්පු, සෝයා වගේ ඒවගෙ සල්ලි එල්ලලා තියෙනවා බලන්න ආසයි.