'චන්ද්‍රයාන් 3' මෙහෙයුමට යටතේ සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට පතිත කළ රෝබෝ යානා දෙකෙන් එකක් වන 'ප්‍රාග්යාන්' රෝවර් යානය පැවැරුණු මෙහෙයුම් සියල්ල සාර්ථකව සම්පූර්ණ කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව, 'ප්‍රාග්යාන්' රෝවර් යානයේ මෙහෙයුම් අවසන් වනු ඇති බවත්, එය අක්‍රිය කර දැමීමට තීරණය කළ බවත් ඉන්දීය විද්‍යාඥයන් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චන්ද්‍රයාන් 3 රෝවරයේ මෙහෙයුම් අවසන්
Bamunuarachchi Sunday, 03 September 2023 09:57 AM
ඔය වියදම් කරපු මුදලේ හැටියට ප්‍රයෝජනයක් උනා නම් කමක් නැහැ. මම නම් දැක්කේ ලෝකෙට පරකාසේ විදිහට. ජනසන්නිවේදන චන්ද්‍රිකාවක් හෝ spy චන්ද්‍රිකාවක් කක්ෂයට යැව්වා නම් මීට වඩා ප්‍රයෝජන ඇති කියා සිතෙනවා.
WasanthaMonday, 04 September 2023 08:57 AM
ඉන්දියාවට ගිහින් කියන්න ඔය කතාව
Bamunuarachchi Monday, 04 September 2023 05:20 PM
Wasantha... ඒ කියන්නේ ඔහේ දෙකක් දාගත්තම සරම පැත්තකින් උස්සාගෙන ගෙවල් ඉස්සර ගිහින් කතා කරන විදිහට කථා කරන්න කියලද? මම ඕක කියන්න ඉන්දියාවට යන එකත් ඉන්දියාව හඳට යැව්වා වගේ නිෂ්ඵල වැඩක්...
Mangala U RanasingheMonday, 04 September 2023 04:55 PM
ඔය කියලා තියෙන්නේ ගොන් කතාවක්. ඔය වගේ බමුණු මත ධාරීන් නිසා තමයි ලංකාවට කවදාවත් දියුණු වෙන්න බැරි... ලෝකයේ මොනවද වෙන්නේ කියලා පළමුවෙන්ම ඇස් ඇරලා බලන්න ඕන. එම ගවේෂණය සොයාගත් තොරතුරු ඉන්දියාවට පමණක් නොව මුළු ලෝකයටම වැදගත්. සඳෙහි පස්වල තිබෙන ලෝහමය වටිනා මූලද්‍රව්‍ය රැසක් පිළිබඳව තොරතුරු පමණක් නොව එහි ජීවත්වීමට පරිසරයක් ඇද්ද යන්න පිලිබඳවත් මෙහිදී කරුණු සොයා ගත්තා.
chandima Monday, 04 September 2023 12:56 AM
නවත්තල දැම්මද ? නැවතුනාද?
Bamunuarachchi Monday, 04 September 2023 05:45 PM
Mangala උන්නැහේ ඉන්දියාව අමුඩේ ගහන්න කලින් ඇමරිකාව ඔය ටික කළා. දැන් ඇමරිකාව ටිපර් වල පටවාගෙන හඳෙන් පස් ගෙනෙනවාද? නිකන් න්‍යාය වාදී බොරු ටිකක් කියන්න එපා. ඉන්දියාවට වැඩියේ තාක්ෂණ දැනුම තිබෙන යුරෝපිය රටවල් තිබෙනවා. තවම ඉන්දියාවට හොඳ කාර්ලෝ එකක් හදාගන්න බැරි වුණා. ලෝකේ හොඳම මයික්‍රෝ චිප්ස් නිපදවන්නේ තායිවානය. ඇමරිකාව අභ්‍යාවකාශ තරණය පටන් ගත්තේ රුසියාව හා තරඟයට.. අභ්‍යාවකාශ තාක්ෂණයේ දියුණුව නිසා තවත් බොහෝ සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණ වැනි අතිරේක නිෂ්පාදන ලෝකෙට එකතු වුණා. ඒක වෙනම කතාවක්. ඉන්දියාව මේ පෙන්නුවේ තමන්ට තාක්ෂණය තිබෙනවා කියා පෙන්වීමයි.