IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ට්‍රැක්ටරය පෙරැළී දරුවෙක් මරුට:අයෙක් රෝහලට

( රොමේෂ් මධුෂංඛ)

වවුනියාව, පූවරසන්කුලම, මඩුකුලම වැව් බැම්මේ ගමන්ගත් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් වයස අවුරුදු 15 ක දරුවෙකු මියගොස් තවත් දරුවෙකු බරපතල තුවාල ලබා ඇති බව පූවරසන්කුලම පොලිසිය පවසයි.

දරුවන් දෙදෙනා ට්‍රැක්ටරයේ පසුපස ගමන්ගත් අවස්ථාවේ ට්‍රැක්ටරය පාලනය කරගැනීමට නොහැකිව වැව් බැම්මෙන් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවටය.

ට්‍රැක්ටරය පෙරලී සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 15 ක් වන දරුවන් දෙදෙනෙකු වවුනියාව රෝහලට යොමුකොට ඇති අතර, එහිදි පූවරසන්කුලම ප්‍රදේශයේ පදිංචි එස්.සදූෂන් නමැති දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

ට්‍රැක්ටර රථයේ රියදුරුට ට්‍රැක්ටර රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ට්‍රැක්ටර රථය වැව් බැම්මෙන් පෙරළී ගොස් ඇති බවද පොලිසිය පැවසීය.

 



අදහස් (0)

ට්‍රැක්ටරය පෙරැළී දරුවෙක් මරුට:අයෙක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site