IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දිසා හතරක තැන් 19කට නාය අනතුරු අවදානම්

(මොහොමඩ් ආසික් සහ තුසිත කුමාර ද සිල්වා)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  අද(03 වනදා ) පෙරවරුවේ නිකුත් කරනු ලැබ තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගහ, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කර ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර,මතුගම සහ ඉංගිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ අවදානම් නිවේදනය සහ බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට දෙවැනි මට්ටමේ අනතුරු ඇගවිමේ නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල,බුලත්කොහුපිටිය,යටියන්තොට, දැරණියගල, සහ දෙහිඔවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන කිරිඇල්ල සහ අයගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ ආදානම් නිවේදනය සහ ඇහැලියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටමේ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.

මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් නාය යෑමේ අවදානම ගැන විමසිලිමත් වන්නැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (0)

දිසා හතරක තැන් 19කට නාය අනතුරු අවදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site