(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ පුද්ගලයන් රථවාහන වැරැදි කරන ආකාරය වීඩියෝගත කර ඒවා මාධ්‍ය මඟින් ප්‍රදර්ශනය කරන රථවාහන පොලිසියේ ක්‍රමවේදය වැරැදි බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පිළිගත්තේය.
මේ අනුව එම වැරැද්ද නිවැරදි කිරීමට කටයුතු කරන බවද ඔහු එහිදී සඳහන් කළේය. මෙවැනි දේවල් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමේ සදාචාරාත්මක භාවය පිළිබඳව අවධානය යොමු කළ කමිටුව වැරදිකරුවකු වුවත් ඔහුගේ පෞද්ගලිකත්වයට පොලිසිය ගරු කළ යුතු බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ගැටළු පවතින බව පොලිස්පතිවරයා පිළිගත්තේ ඒ අවස්ථාවේදීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.
2025 දෙසැම්බර් මස 18
334
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පති වරද පිළිගනී
Chaminda Sunday, 03 September 2023 01:57 PM
ඕක ඔය විදියට හරි පිළිගන්න වුනේ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුණු නිසයි. නැත්නම් පිළිගනියි මේං කියලා. එහෙමට සෙට් එක.
polis pisssoSunday, 03 September 2023 08:47 PM
8 පාස් අය...!
Mohan Mapa Sunday, 03 September 2023 02:45 PM
ඇත්තටම හොඳ වැඩක් රාජ්‍ය නිලධාරියෙක්ගේ... කලාතුරකින් වෙන්නේ...!
withana Sunday, 03 September 2023 03:37 PM
වැරැදි කරන එවුන්ගේ ආත්ම ගෞරවයට ඔවුන්ගේ අයිතිවාසිකම්වලට මාර තැනක් තියෙන්නේ. ඒකට පිළිගැනීමක් දෙන්න නම් වැරැදිකරුවන්ම වෙන්න ඇති. අහිංසකයින්ට කිසිවක් නැහැ...