
( අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය, නිලාවෙලි බොරළුකන්ද රජමහා විහාරයේ තහනම ඉවත් කිරීමට එරෙහිව උප්පුවේලි සාම්බල්තීව් පාලම අසලදී අද (03) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා සෙල්වරාසා ගජේන්ද්‍රන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වුණි.
මෙම උද්ඝෝෂණය ත්‍රිකුණාමලය දෙමළ සභාව නැමිති සංවිධානයක් විසින් සංවිධානය කර තිබුණි. පළමුව නිලාවෙලි පොලිස් බල ප්‍රදේශයට අයත් බොරළු කන්ද රජමහ විහාරය පිහිටි පෙරියකුම් හංදියේ උද්ඝෝෂණය සිදුකිරීමට සැළසුම් කර තිබුණි. පසුව නිලාවෙලි හා උප්පුවේලි පොලිස් වසම් මායිම් වන සාම්බල්තීව් මංසංධියේ දී ඒය පැවැත්වීය.
මෙම විරෝධතාවය හේතුවෙන් නිලාවෙලි - ත්‍රිකුණාමලය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පැවැසුවේ 48 නිදහසින් පසු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියයට හතරක් වු සිංහල ජන ගහණය නිදහසින් පැවැති ආණ්ඩු විසින් ජනතාව පදිංචිකර විශාල ලෙස වැඩිකර ඇති බවයි.
මේ වනවිට දෙමල ජනයා පදිංචි ප්‍රදේශයන්හි බෞද්ධ විහාර සාදා සිංහල ජනතාව පදිංචි කරවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. දෙමල ජනතාව පදිංචි ප්‍රදේශ සිංහලකරණය කිරීම නිසා තිස් අවුරුදු යුද්දයක් පවා ඇතිවු බවත් ඉතිහාසයේ පැවැති රජයන් කල මෙම වරද වත්මන් ජනාධිපතිවරයා සිදුනොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
334
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරළුකන්ද විහාරයේ තහනම ඉවත් කළැයි විරෝධය
geeth Monday, 04 September 2023 08:57 AM
ඒ් වගේම තමයි කොළඹ හා උතුරු නැගෙනහිරින් පිට ඉන්න දෙමල පවුල් ගණනත් නිදහසෙන් පස්සෙ වැඩිවුණා. 1983 කළු ජූලිය ඇත්වෙන්නත් යම් බලපෑමක් වුනේ මේව තමයි. දෙමළ මිනිස්සු කෙළඹ සෑහෙන පදිංචි වුනා ඒ් අතර උතූරු නැගෙනහිර දෙමල අය වෙනම පාලනයක් ඉල්ලුව.
Sujeewa Monday, 04 September 2023 11:40 AM
ජාතිවාදය අවුස්සනවා වගේ...
Bamunuarachchi Monday, 04 September 2023 05:01 PM
සිංහල පාතාල සහෝදරයින්ට ජාතික හැඟීමක් තිබෙනවා නම් මෙන්න ඒක පෙන්නන්න අවස්ථාව...
Buwa Tuesday, 05 September 2023 11:32 AM
උතුරේ සිංහල ජනතාවට විරුද්ධ මේ එල්.ටී.ටී.ඊ. දෙමළ ජනයාට සාමකාමීව ජීවත් වීමටත් දකුණේ සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීමටත් හින්දු ආගමට ගරු කිරීමටත් සිංහලයෝ ඉඩ දෙති. නමුත් උතුරේ ඉන්න මේ මෝඩයෝ තමන්ගේ ටයිමිල් වරුන්ටවත් සාධාරණයක් නොකර පහත් හා උස් පහත් ලෙස බෙදති. රටේ ප්‍රශ්න ඇති කරන්න එපා මේක හැමෝගෙම රට ඕනෑම කෙනෙකුට රටේ ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන්. ඔබ සිංහලයන්ට අකමැති නම් තමිල්නාඩුවට ගොස් එහි ජීවත් වන්න.