IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලැගුම්හලේ සිටි දෙදරු පියා පපුව හිරවී මරුට

(රෝහණ චන්ද්‍රදාස)

සිය අනියම් බිරිය සමඟ අනුරාධපුරයේ පෞද්ගලික ලැගුම්හලක රැඳී සිටි පුද්ගලයකු හදිසි හෘදයාබාධයකට ලක්වීමෙන් මියගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ තලාව කිරලෝගම මීගස්සෑගම 49 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහු තම අනියම් බිරිය බව කියන කාන්තාවක සමඟ  ලැඟුම්හල වෙත පැමිණ සිටි බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය කරගෙන ඇත.

එදින දහවල් එකට පමණ ඔහු ලැගුම්හල තුළ දී හදිසියේ ම වැටීමකට ලක්ව ඇති අතර පසුව රෝහල් ගතකර තිබේ. වෛද්‍ය පරීක්ෂාවේ දී මෙම තැනැත්තා මියගොස් ඇතැයි රෝහලෙන් දැනුම් දී ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය මඟින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා නිකුත් කළ වාර්තාවට අනුව මෙය හදිසි හෘදයාබාධයකින් සිදු වූ මරණයක් බවට නිගමනය කෙරිණි.

 



අදහස් (4)

ලැගුම්හලේ සිටි දෙදරු පියා පපුව හිරවී මරුට

Perakum Sunday, 03 September 2023 06:30 AM

කෝ එතකොට නියම බිරිඳ... එයා මේ ගැන මොකද කියන්නේ?

:       1       1

පියනන්ද Sunday, 03 September 2023 06:50 AM

ව්‍යාඝ්‍රයෝ ළංකර ගන්නේ පරිස්සමින් ඔය වයසේදී. ඈඟේ දැනට තියෙන ලෙඩ එක්ක උං හැප්පෙනවාමයි. දුක අර දරු පවුලක් අනාථ වෙච්චි එක ගැනයි.

:       0       4

Rohana Sunday, 03 September 2023 07:18 AM

හොර වැඩේ සාක්ෂි සහිතවම අතට අසුවුණා වගෙයි.

:       1       1

පිටිගල මිලානෝ Sunday, 03 September 2023 09:13 AM

පුදුම මගුල් විසයක්නේ ලංකාවේ ගෑණුන්ටයි පිරිමින්ටයි තියෙන්නේ. මැරෙන්න කලින් අහවල් එක කරගත්තද දන්නේ නැහැ...

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site